කෝලිෆ්ලවර් delight

බත්, රොටි, පාන්, ආප්ප, ඉදි ආප්ප ඕන එකක් එක්ක කන්න one-pot dish එකක් තමයි අද ගෙනාවෙ…

සමහර කාලවලට කෝලි ෆ්ලවර් ලාබ වෙනවනෙ… එහෙම නැති කාලෙක වුනත් මේකට කෝලි ෆ්ලවර් ගෙඩියෙ මල, දඬු සහා කොළ ඔක්කොම දාන නිසා ආර්ථිකව පාඩු නෑ. ඊට අමතරව භාවිතා කළේ තක්කාලි, මාලු මිරිස්, ලූණු සහා බිත්තර 2ක් විතරයි.

කෝලි ෆ්ලවර් එක කුඩා කැබලිවලට කපා ගන්න. දඬු සහා කොළත් සිහින්ව ලියාගන්න. කපාගත් කෝලි ෆ්ලවර් නටන උණු වතුර වත් කර විනාඩි 5ක් පමණ තම්බාගන්න.

මැටි ඇතිලියකට හෝ pan එකකට පොල් තෙල් ටිකක් ගෙන ලියාගත් සුදුළූනු සහා කරපිංචා එක් කරන්න. ඒවා බැදීගෙන එන විට උණුවතුර දමා තම්බාගත් කෝලි ෆ්ලවර්, ලියාගත් දඬු සහා ගෝවා කොළ එක් කරන්න. විනාඩි දෙකක් පමණ පියනකින් වසා පිසගන්න. ඉන්පසු භාජනයේ මැද ඉඩක් සාදා බිත්තර දෙක, ලුණු කුඩු සහා කෑලි මිරිස් එක් කරගෙන, බිත්තරය මදක් පිසුනු පසු හොඳින් මිශ්ර කරගන්න. ඉන්පසු ලොකු ළූණු, තක්කාලි සහා මාලු මිරිස් එක් කර විනාඩියක් පමණ පිසගෙන ලිපෙන් ඉවත්කරගන්න.
Scroll to Top