මුං ඇටවලින් මැල්ලුම් හදලා කාලා ඇති නේද හැමෝම…. මේ ඒකට කූනිස්සෝ දාලා ප්‍රෝටීන් සහා කැල්සියම් වැඩි කරගෙන තියෙන්නෙ…. මේක එක්ක විතරක් වුනත් බත් කන්න පුළුවන් වගේම රොටි, ඉදිආප්ප, මඤ්ඤොක්කා, බතල ඕන එකක් එක්ක කන්න පුළුවන්…. ඒ මුකුත් නැතුවත් මේක විතරක් කෑවත් ඇති ඇත්තටම පෝෂණ අවශ්‍යතා සැපිරීම ගැන හිතුවොත්…
මේ උදේට කන්න මුං ඇට තැම්බුවාම දවල්ට කන්න හැදුවෙ…. හරිම ලේසියි හදන්න…
පොල්වලට කහා, ලුනු, ගම්මිරිස් වගේම ලියාගත් ලූණු, සුදු ළූණු සහා කරපිංචාත් එකතු කරලා හොඳින් අනාගන්න. කැමති නම් වංගෙඩියක් භාවිතයෙන් කොටාගන්නත් පුළුවන් සම්බෝල හදනව වගේ.
ඊටපස්සෙ මැටි ඇතිලියකට තෙල් ටිකක් අරගෙන ලිපේ තියලා, තෙල් රත්වුනාම, කූනිස්සෝ එක් කරලා බැදගන්න. ඉන්පසු පොල් මිශ්‍රණය එක් කරගෙන ඒක හොඳට මැලවුනාම මුං ඇට එකතු කරන් හොඳින් මිශ්‍ර කරමින් විනාඩි 2ක් පමණ පිසගන්න.