උදේට කන්න මඤ්ඤොක්කා තම්බපු දවසට දවල්ට හරි තේ බොන වෙලාවට හරි කන්න රසවත් කෑමක්…
මඤ්ඤොක්කා කන්න හදපු සම්බෝල, බැදපු කරෝල සහා වත්තෙ මුකුණුවැන්න තමයි මේකට පාවිච්චි කළේ…. කරෝල වෙනුවට වියළි හාල්මැස්සන් වුනත් පාවිච්චි කරන්න පුළුවන් … ඕනෑම පළාවර්ගයක් යොදාගන්න පුළුවන්. මුකුණුවැන්නම වෙන්න ඕනෙ නෑ…
අපිට පුරුදු රසකාරක වෙන කරපිංචා, ලොකු ලූණු, සුදු ලුණු, සහා කෑලි මිරිස්… ලුනු දැම්මෙ නෑ මඤ්ඤොක්කා, සම්බෝල සහා කරෝලවල ලුනු තියෙන නිසා ..
කෑලි කරෝල හෝ වියලි හාල්මැස්සන් බැදගන්න. ඉන්පසු තෙල් ඉවත්වෙන තුරු ටිෂූ කඩදාසියක් මත අතුරා තබන්න. මැටි ඇතිලියකට තෙල් ටිකක් ගෙන සුදුළූනු, කරපිංචා සහා ලියාගත් ලොකු ළූණු දමා බැදීගෙන එන විට සම්බෝල සහා කුඩාවට කඩාගත් පලා වර්ගයත් දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු එයට කපාගත් මඤ්ඤොක්කා සහා කුඩා කැබලිවලට කඩාගත් කරෝලත් දමා හොඳින් මිශ්ර කරගන්නා ගමන් විනාඩි 2ක් පමණ පිසගන්න.