අද අපි අරන් ආවෙ රෑට බත් කන්න අකමැති අයට රෑට බොන්න (කන්න) පුළුවන් සුප් එකක්…
පහත ප්රමාණ දෙදෙනකු සඳහා සුප් හදන්න සෑහෙනවා.
අවශ්ය ද්‍රව්‍ය:
Gizzard 200g
හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 4ක්
මධ්යම ප්රමාණයේ කැරට් අලයක්
දඹල කරල් දෙකක්
පොල් කිරි කෝප්ප භාගයක්
සුදුළූණු, ඉඟුරු, ලොකු ළූණු, ලුණු කුඩු, මිරිස් කුඩු, පොල්තෙල් ස්වල්පයක්
සාදාගන්නා ක්රමය
ප්රතමයෙන් තක්කාලි වතුර කෝප්ප දෙකක් පමණ දමා මෙලෙක්වන තුරු තම්බාගන්න. ඉන්පසු නිවෙන තෙක් පසෙකින් තබන්න.
Gizzard ඉතා කුඩා කැබලිවලට කපාගෙන, ලුණු, ගම්මිරිස් කුඩු අතගා මද වෙලාවක් තබා වතුර කෝප්ප 2ක් පමණ දමාගෙන තම්බාගන්න. (තම්බාගත් විට වතුර කෝප්පයකට පමණ එය අඩුවනු ඇත).
Gizzard තැම්බෙන අතරේ කැරට් සහා ලොකු ලූණු ඉතා කුඩා කොටුවලටත්, දඹල, සුදු ළූණු සහා ඉඟුරු සිහින්වත් ලියාගන්න. තැම්බූ තක්කාලිවල පොත්ත ඉවත් කර බ්ලෙන්ඩරයක් හෝ මෑෂර් එකක් ආධාරයෙන් පොඩි කරගෙන පියුරියක් ලෙස සකස් කරගන්න.
Gizzard තැම්බුණු පසු stock එකත් සමඟම වෙනත් භාජනයකට අයින් කරගන්න. එම භාජනයටම පොල්තෙල් ස්වල්පයක් දමා ඉඟුරු, සුදු ළූණු, ලූණු, කැරට්, දඹල දමා මදක් තෙම්පරාදු කරගන්න. දැන් gizzard සහා stock එකත්, තක්කාලි පියුරියත් දමා රස අනුව ලුණු සහා මිරිස් කුඩු ස්වල්පයක් එක් කරගන්න. භාජනය පියනකින් වසා මද ගින්නේ පැය කාලක් පමණ පිස ගන්න. ඉන් පසු පොල් කිරි එක් කර නටවා ලිපෙන් ඉවත් කරගෙන උණුවෙන්ම පිළිගන්වන්න.