Tropical Fruit Smoothie

මේක අපේ #YouPAH_Foodventure catering එකෙත් ජනප්රිය පානයක් සහා අපේම රෙසිපියක් නිසා මේක අරන් එන්න හිතුනා මේ රෙසිපි සීරිස් එකට…. මේකෙ විශේෂත්වය තමයි පළතුරු කැබලි හැපෙන එක සහා ඉඟුරුවලින් එන සැර බව.

අවශ්ය අමුද්රව්:
1. ගස්ලබු, කොමඩු සහා ලෙමන්, 1:1:1 අනුපාතයෙන් – ඒ කියන්නෙ කොමඩු ගෙඩියට, ගස්ලබු ගෙඩියක් සහා ලෙමන් ගෙඩියක් ලෙස..
2. ග්රේට් කරපු ඉඟුරු
3. පිරිසිදු වතුර සහා අයිස් කැට

සාදන ක්රමය:
හරි ලේසියි. ගස්ලබු සහා කොමඩු 1:1 අනුපාතයෙන් ගෙන පොතු සහා බීජ ඉවත්කරගන්න. දැන් බ්ලෙන්ඩරයකට දමාගන, පළතුරු වලින් භාගයක් උසට වතුර එක් කරගන්න. ඉන්පසු මදක් බ්ලෙන්ඩ් කරගන්න. මෙහිදී සම්පූර්ණ කුඩුවෙන ලෙස බ්ලෙන්ඩ් කරගන්නෙ නෑ. කුඩා පළතුරු කැබලි ඉතිරි වෙන්න ඕනෙ. ඔව්… පෙරන්නෙ නෑ. මේ ක්රමයට පළතුරු වල පෝෂණීය ගුණයට වෙන හානිය අඩුයි සහා තන්තුමය බව වැඩියි.

දැන් පිළිගන්වන භාජනයටම දමාගෙන ලෙමන් යුෂ, ග්රේට් කරගත් ඉඟුරු සහා අයිස් කැට දමා පිළිගන්වන්න. (අපි නම් භාවිතා කරන්නෙ රූපයේ පේන විදිහට කට පළල් භාජනයක්… ජෝගුවක් වුනත් භාවිතා කරන්න පුළුවන්) වෙනස් රසක, වෙනස් විදිහට පිළිගැන්වෙන drink එකකින් කෑම මේසෙ රසවත් බව, ලස්සන වගේම, පෝෂණීය ගුණයත් ඉහළ නංවගන්න පුළුවන්.
Scroll to Top