කඩල පරිප්පු පෝෂණීය තෝසෙ

කඩල පරිප්පු කියන්නෙ පියලි කරගත් කළු කඩල නිසා පෝෂණ ගුණයෙන් අනූන ආහාරයක්… මේක ආනයනික භෝගයක්. ඒත් පෝෂණීය වටිනාකම නිසා මේකත් පලකරන්න හිතුනා. මේකෙ කඩල පරිප්පු ඔබට අවශ්ය එවැනි තද ගතියක් ඇති ඕනෑම රනිල භෝගයකින් replace කරගන්න පුළුවන්.

අමුද්රව්
කඩල පරිප්පු කෝප්පයයි
නිවිති කොළ 3 – 4ක්
බිත්තරයක්
ලුනු කුඩු ස්වල්පයක්
කෑළි මිරිස් ස්වල්පයක්
පොල්තෙල් ස්වල්පයක්
මද උණුසුම් ජලය කෝප්පයක්

මේ ප්රමාණවලින් මධ්යම ප්රමාණයේ තෝස 5ක් සාදාගත හැක.

සාදන ක්රමය
කඩල පරිප්පු රැයක් පෙඟෙන්න තබා ග්රයින්ඩරයක් ආධාරයෙන් කුඩු කරගන්න. ඉන්පසු කුඩුකරගත් කඩල පරිප්පු, අතින් කැබලිකරගත් නිවිති, බිත්තරය, ලුණු කුඩු, කෑලි මිරිස් සහා උණුසුම් ජලය සමඟ බ්ලෙන්ඩරයකට දමා හොදින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු බ්ලෙන්ඩරය තුළම පැය භාගයක් පමණ වසා පිපෙන්න තබන්න. (පිපුම්කාරක දැමීම අවශ්ය නැ) ඉන්පසු රත්වූ පෑන් එකකට තෙල් ස්වල්පයක් ආලේප කර සාමාන්යයෙන් තෝසෙ සාදන ආකාරයට දෙපැත්ත දමා සාදාගන්න.

මන් මේක හදලා බැලුවෙ පරිප්පු වෑංජනයක් හදන්න අරගෙන, එතකොට ආපු අදහසක් නිසා… ඔයාලත් මෙහෙම අත් හදා බැලීම් කරලා ජීවිතේ රස ගුණ වැඩි කරගන්න..
Scroll to Top