Baked Chips

ඉදිරියට එන්නෙ ගැඹුරු තෙලේ බැදපු කෑම වැඩියෙන් කැවෙන කාලයක් නෙ. අවුරුද්දට ආසාවට කැවිලි කෑවත් ඒවා නිතර කන්න හොඳ කෑම නෙමෙයි කියලා හැමෝම මේ වෙනකොට දන්නවා ඇති.. ගැඹුරු තෙලේ බැද ගෙන සකසා ගන්නා ආහාර වල තෙල් රැඳෙන ප්රමාණය වැඩියි. ඒ වගේම අධික උෂ්ණත්වයට රත්වෙන තෙල්වල ශරීරයට අහිතකර සංඝටක හැදෙනවා වැඩියි. ඒ හින්දා ඒ කෑමවල හෘද රෝග, අංශභාගය වැනි රෝග වලට තියෙන අවදානම ගොඩක් වැඩියි.

YouPAH අවුරුදු special අදියරේ අපි අරන් එන්නෙ අපේ 5th anniversary කෑම මේසෙ ගැඹුරු තෙලේ බැදපු කෑම අඩු කරගන්න දරපු උත්සාහයන් දෙකක් ..

අද 6වෙනි recipe එක විදියට, අපි ගෙනාවේ, බේක් කරපු chips…

ගැඹුරු තෙලේ බදින්නේ නැතුව ගැඹුරු තෙලේ බැද ගත්ත විදියටම, ඒ රසටම හැබැයි ඊට වඩා ශරීරයට සෞඛ්ය සම්පන්න විදියට chips හදා ගන්න පුළුවන් හොඳ ක්රමයක් තමයි බේක් කරන එක. තෙල් අවම ප්රමාණයක් භාවිතා වීම වගේම අහාර වල තිබෙන පෝෂණයට හනිය අඩු වීමත් මේ ක්රමයේ වාසිදායක ප්රතිඵල.

Baked බතල අල සහා අලු කෙසෙල් Chips

රතු සහා කහා බතල අල ගෙඩි කිහිපයක් හොඳින් සෝදලා සිහින් රවුම් පෙති කපා ගන්න. ඒ වගේම අලු කෙසෙල් ගෙඩි කිහිපයකත් පොත්ත යාන්තමට සුද්ද කරල සිහින්ව රවුමට පෙති කපා ගන්න.

තෙල් ඉතා ස්වල්පයක් බේකින් tray එකක තවරගන්න. දැන් බේකින් tray එකට මේ පෙති ටික තුනියට අසුරගෙන තෙල් ටිකක් උඩින් ස්ප්රේ කරගන්න. සෙල්සියස් අංශක 200 -220 වගේ උෂ්ණත්වයකට විනාඩි 30 ක් වගේ බේක් කර ගන්න.

තමන් කැමති විදිහට මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් එකතු කර ගන්නත් අවශ්ය නං පුලුවන්.

Scroll to Top