මේක සිංහල, දමිළ අලුත් අවුරුද්දනෙ… අවුරුදු special අදියරේ හතර වෙනි recipe එක විදියට ඉතින් අපි ගෙනාවා දමිළ යාලුවන්ගෙ කෑම මේසෙ රසවත් කරන පාරම්පරික රවා ලඩ්ඩු!
අපේ දමිළ බසින් ක්රියාත්මක වෙන YouPAH වැඩ කටයුතු වලට සම්පත් දායකත්වය ලබා දෙන අපේ දිනේශ් අන්නයි කෝමල අක්කයි තමා එදා අපේ කෑම මේසෙ රසකරන්න මේවා අරන් ආවෙ. ඒගොල්ලන්ගේ Jaffna Home Kitchen ආහාර සැපයුම් ව්යාපාරයෙන් ඔබට අවශ්ය නම් මේ ලඩ්ඩු මිලදී ගන්නත් පුළුවන්.
ආනයනික නිෂ්පාදනයක් වෙන රුලං පාන් පිටි වලට වඩා සෞඛ්යමත් කියලා කියන්නේ ඇයි කියලා ඕගොල්ලන්ට ප්රශ්නයක් එනවාත් ඇති… මේ දෙකම තිරිඟු ප්රභේද… රුලං වල පාන් පිටි වලට වඩා ප්රෝටීන් සහා තන්තු වැඩියි. ඒ නිසාම රුධිරයේ සීනි ප්රමාණයට වෙන බලපෑමත් අඩුයි…
රවා ලඩ්ඩු වල රටකජු, කජු තියෙන හින්දා protein වලින්නුත් වැඩි. තව පොල් , රටකජු, කජු, ප්ලම්ස් සහ රට ඉඳි ඔක්කොගෙම තන්තුත් වැඩි… සාහා ඒවායින් ලැබෙන පැණි රස නිසා මේ ලඩ්ඩුවක තියෙන සීනි ප්රමාණය ගොඩක් අඩුයි… හැබැයි ඉතින් දියවැඩියාව තියෙන අය චුට්ටක් පරිස්සමින් කන්න…
අවශ්ය ද්‍රව්‍ය:
රුලං පිටි – 500g
සීනි – 125 g
ගී තෙල්– 50g
රට ඉඳි (Dates) – 50 g
ප්ලම්ස් – 30 g
එනසල් (Cardamom) කුඩු – 1 teaspoon
නැවුම් කිරි – 2–3 tablespoon (අවශ්ය ප්රමාණයට)
රට කජු – 30 g
පොල් කුඩු – 50 g
කජු – ටිකක් (අවශ්යනම්)
සකස් කිරීම:
1. පෑන් එකකට ගී ටිකක් දමා, රට ඉඳි, ප්ලම්ස්, රට කජු සහ කජු (කුඩා කැබලිවලට කපා), හොඳින් බැද ගන්න.
2. පසුව පොල් කුඩු වෙනම බැද ගන්න.
3. මික්සර් එකකින් සීනි ටිකක් කුඩු කරගන්න.
4. එම පෑන් එකේම ගී ටිකක් දමා, රුලන් මද ගින්නක හොඳින් සුවඳ එන තුරු බැදගන්න. (කරවෙන්න ඉඩ නොදෙන්න.) රුලං හොඳින් බැදුනොත් ලඩ්ඩු රසවත් වෙනවා.
5.දැන් රුලං සහ පොල් කුඩු, රට ඉඳි, ප්ලම්ස්, රට කජු සහ කජු මිශ්රණයට එකතු කරන්න.
6. දැන් උණුසුම් ගී ටික ටික එකතු කරමින්, එයට කුඩු කළ සීනි ද එක් කර හොඳින් මිශ්ර කරන්න.
7. ටිකක් නිවෙන්න ඇරලා උණුවෙන්ම අවශ්ය පරිදි කිරි එකතු කර හොඳින් මිශ්ර කර ගන්න.
8. මිශ්රණය බෝල කළ හැකි පදමට ආ විට අතින් ලඩ්ඩු ලෙස සකසා ගන්න.
NOTE :
ගී සහ කිරි ප්රමාණය අවශ්ය ප්රමාණයට වෙනස් කර ගන්න පුළුවන්. දියර ගතිය වැඩි වුනොත් ලඩ්ඩු හැඩයට ගන්න අමාරු වෙනවා.
