කඩෙන් ගන්න පාන් පිටි දාලා හදා ගන්න cookies වලට වඩා කුරක්කන් පිටි එකතු කර ගන්න එකින් රටේ ඩොලර් ඉතිරි වෙනවා වගේම පෝෂණීය ගුණය සහා සෞඛ්යමත් බවත් වැඩි කරගන්න පුළුවන්. මොකද ලංකාවෙ බේකරි නිෂ්පාදනවලට ගන්න පාන් පිටි එක්ක බලද්දී කුරක්කන් පිටිවල තන්තු වැඩියි… ඒ වගේම රුධිරයේ සීනි ප්රමාණයට වෙන බලපෑම අඩුයි… Calcium වගේ ක්ෂුද්ර පෝෂකත් වැඩි…
සීනි වෙනුවට හකුරු පාවිච්චි කරන හින්දා යකඩ, magnesium සහ potassium වගේ ක්ෂුද්ර පෝෂකත්, ප්රතිඔක්සිකාරකත් වැඩියි… හකුරු කියන්නෙ සීනි වගේ අති සැකසුම් ආහාර රසකාරකයක් නෙවෙයි… ඒ නිසා සෞඛ්යමත් බව වැඩියි… ඒත් දියවැඩියාව පාලනයට උත්සාහ කරන කට්ටිය එහෙම කියලා ගොඩක් කන්න එපා… මේකට කෙසෙල් එහෙමත් දානවනෙ ![]()
කෙසෙල් නිසා දාන්න ඕනෙ හකුරු ප්රමාණය අඩුකරගන්න, කුරක්කන්වල රළු බව සමනය කරගන්න වගේම කුකී එකේ රස සහා පෝෂණීය ගුණය වැඩිකරගන්නත් පුළුවන්…
මේ විදියට ඔයාලත් කන්න කැමති ආහාර පෝෂණය අතින්, සෞඛ්යමත් බවින් වැඩි කර ගෙන, රස විදින්න… මෙහෙම රස අත් හදා බැලීම් කරලා YouPAH අපි හැමදාම කියන්නා වගේ “හොඳට කාලා, හැඩට ඉන්න” ![]()
අවශ්ය අමුද්රව්ය:
1. කුරක්කන් 250ක්
2. කෙසෙල් ගෙඩි 04ක්
3. තිරිගු පිටි 75g
4. පොල්තෙල් අඩු කෝප්ප 1/4
5. හකුරු 100g
6. Baking powder ටිකක්
7. උඩින් දාලා ලස්සන කරන්න කජු ටිකක්
සාදාගන්නා ක්රමය:
හකුරු බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කර ගන්න. කෙසෙල් පොතු ඇරලා භාජනයකට දාලා ගෑරප්පුවෙන් පොඩි කෑලි වලට කඩා ගන්න. ඒකට හකුරු, කුරක්කන් පිටි, තිරිගු පිටි, පොල්තෙල්, baking powder සියල්ල දාලා රොටී පදමට එනකන් අනා ගන්න… පොඩි ගුලි වලට කඩාගන්න. ඒවා කැමති හැඩයකට තුනී කරගෙන කේක් tray එකේ තබා ගන්න. කැබලි වලට කඩාගත් කජු උඩින් දමා ලස්සන කර ගන්න. 180 සෙල්සියස් උශ්නත්වයේ විනාඩි 10-15 අතර බේක් කර ගන්න.
