මුං ඇට කේක්‌

අපේ අවුරු special අදියරේ දෙවැනි රෙසපි එක විදියට අපි ගේනවා රසම රස cake එකක්…

සාමාන්යයෙන් අපි පාන් පිටි පාවිච්චි කරලා හදන cake එක අපි හැදුව මුං ඇට පිටි වලින්…

ලංකාවේ වෙළඳපොළේ ගන්න තියෙන පාන් පිටි එක්ක බලද්දී මුං ඇට පිටි වල තන්තුත් ගොඩක් වැඩි… protein වැඩි… පාන් පිටි එක්ක බලද්දී යකඩ , folate, zinc කියන ක්ෂුද්ර පෝෂක වලින් වැඩි…

ඒ හින්දා කඩේ පාන් පිටි වලට වඩා පෝෂණය අතින් ගොඩක් ගුණයි…

ඔන්න අපි කඩෙන් ගන්න පාන් පිටි නැතුව මුං ඇට පිටි වලිනුත් cake හදන්න පුළුවන් කියල පෙන්නුවා 

අවශ්ය ද්රව්ය:
මුo ඇට පිටි 200g
බිත්තර 4
දුඹුරු සීනි 150g
පොල්තෙල් 180g
baking powder තේ හැදි 2
baking soda තේ හැදි 1/4
වැනිලා තේ හැදි 1
සිහින්ව ග්රේට් කරගත් ලෙමන් පොතු තේ හැදි 1/2

යාන්තම් කබලේ රෝස් කරගත් මුං ඇට පිටි කරගන්න. මුං පිටි වලට baking soda සහ baking powder එකතු කර 3 වරක් හලා ගෙන පසෙකින් තබන්න.
දැන් බිත්තර සහ සීනි හොදින් බීට් හෝ බ්ලෙන්ඩ් කරගන්න. සීනි හොදින් දිය වූ පසු, පොල් තෙල් දමා බීට් /බ්ලෙන්ඩ් කරන්න.
දැන් මුං පිටි ටික ටික දමා මිශ්ර කරගන්න. අවසානෙට වැනිලා සහ සිහින්ව ග්රේට් කරගත් ලෙමන් පොතු එක් කරන්න.

180°C ට විනාඩි 10ක්‌ රත්වූ අවන් එකේ විනාඩි 40-45 ත් අතර කාලයක් bake කරන්න.

Scroll to Top