සෝයා තෝසේ

සෝයා තෝසේ හදන්න කලින් දින රාත්රියේ සෝයා ඇට 125g පමණ පෙඟෙන්න දමාගන්න. දැන් ඊළඟ දවසේදී සෝයා ඇට පොතු හැර ගනිමින් තුන් වරක් පමණ සෝදා ගන්න.

සෝදාගත් සෝයා ඇට බ්ලෙන්ඩර් එකට දමා, එයට සුදුළුෑණු බික් 3-4ක්, සූදුරු ටිකක්, ලුණු කුඩු, කරපිංචා කොළ කිහිපයක් දමා දියාරු මිශ්රණයක් ලැබෙන තෙක් වතුර එකතු කරගනිමින් බ්ලෙන්ඩ් කරගන්න.
දැන් non-stick pan එකක් ලිප තබා ගිතෙල් ටිකක් ආලේප කර මිශ්රණයෙන් ටිකක් වත් කර රවුමක් හැඩයට සෑදෙන ලෙස පෑන් එක කරකවා මද වේලාවක් තබා, නොකැඩෙන ගානට ආ පසු අනෙක් පැත්ත හරවා ගන්න. මධ්යම ගින්දරේ තෝසය දෙපැත්ත හරවා ගනිමින් දුඹුරු පාට වනතෙක් තබාගෙන ඉන්පසු බාගන්න.

සෑම තෝසයක් හදන වාරයක් පාසාම මුලු මිශ්රණයම කලවම් කර ඉන්පසු අලුත් තෝසය සෑදීමට මිශ්රණයෙන් ටිකක් ගන්නට මතක තබා ගන්න.
මෙසේ මුලු මිශ්රණයෙන්ම තෝසේ සාදාගෙන රස විඳින්න.

සෝයා බෝංචි, ප්රෝටීන බහුල ධාන්යයක් නිසා ප්රෝටීන අවශ්යතා සපුරා ගැනීමට හොඳ ක්රමයක්.

Scroll to Top