අද අපි අරන් ආවෙ ගෙදර උදේට කන්න කව්පි තම්බන දවසක දරුවන්ට පාසැල් ගෙනියන්න පහසුවෙන් හදලා දෙන්න පුළුවන් පෝෂණීය ගුණයෙන් අනූන රසවත් ආහාරයක්.
අවශ්ය අමුද්රව්ය:
1. තම්බාගත් කව්පි අඬු කෝප්ප භාගයක්
2. සීනි කෙසෙල් ගෙඩියක්
3. බිත්තරයක්
4. කිරි මේස හැන්දක් (මන් භාවිතා කළේ non fat fresh milk)
5. Pan එකේ ආලේප කිරීමට පොල්තෙල් ස්වල්පයක්
සාදාගන්නා ක්රමය:
සියලුම අමුද්රව්ය බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු පොල්තෙල් ආලෙපිත pan එකක හැන්දකින් වත්කර පෑන් කේක් සාදන ආකාරයෙන් දෙපැත්ත පෙරලා සාදාගන්න. මන් සාමාන්ය සයිස් පෑන් එකක, එකවර කුඩාවට පෑන් කේක් 5ක් සාදාගත්තා මේ විදිහට. විනාඩි 5ක්වත් යන්නෙ නෑ ඇත්තටම!
