කතුරුමුරුංගා මල්, මෑ, බිත්තර තෙම්පරාදුව

අවශ්ය අමුද්රව්ය:
කතුරුමුරුංගා මල් ටිකක්
මෑ කරල් කීපයක්
බිත්තරයක්
ලොකු ළූනු ගෙඩියක්
සුදුළුණු, ඉගුරු, කරපිංචා
අමු මිරිස් කරල් කිහිපයක්
ලුණු කුඩු, ගම්මිරිස්, කෑලිමිරිස්, කුරුදු කුඩු රස අනුව

සාදාගන්නා ආකාරය:
මුලින්ම කතුරුමුරුංගා මල්වල පෙති වෙන් කරගෙන සෝදාගන්න. මෑ කරල් ටික කුඩා කැබලිවලට කඩා සෝදාගන්න. දැන් බිත්තරය scramble කරගන්න. ළූනු, සුදුළුණු, ඉගුරු, කරපිංචා, අමු මිරිස් සිහින්ව කපා ගන්න.

පසුව තෙල් ටිකක් දමා කපාගත් ළූනු, සුදුළුණු, ඉගුරු, කරපිංචා, අමු මිරිස් එක්කර තෙම්පරාදු කරගන්න. එයටම මෑ එක්කර මදක් පිසගන්න.

රස අනුව ලුණු කුඩු, ගම්මිරිස්, කෑලිමිරිස්, කුරුදු කුඩු එකතු කරන්න. දැන් කතුරුමුරුංගා මල්, scramble කරගත් බිත්තරය එක් කර මදගින්නේ තෙම්පරාදු කරගන්න.

Scroll to Top