කොල්ලු, තක්කාලි සුප්

පැය 6ක් පමණ පෙගෙන්න දාපු කොල්ලු ඇට, තක්කාලි ගෙඩි කිහිපයක්, පිරිසිදු කරගත් සාමාන්ය ප්රමාණයේ බී ලූණු ගෙඩියක්, සුදු ලූණු බික් කිහිපයක්, කොත්තමල්ලි කුඩු ටිකක්, කුරුඳු පොත්තක් දාල වතුර ටිකක් වැඩිපුර එකතු කරගෙන හොදට තැම්බෙන්න හරින්න. තක්කාලි ටික දියවෙන මට්ටමට තැම්බෙනවා. ඊට පස්සෙ නෑඹිලියක දාල පොඩිකර ගන්න හරි බ්ලෙන්ඩර් කර ගන්න හරි පුලුවන්. තක්කාලි වල ඇඹුල් රස නිසා ලුණු වෙනම දාන්න ඕනිත් නෑ. මේ සුප් එක ගොඩාක් රසයි. ඒ වගේම පෝෂණීයයි.

Scroll to Top