මේ තියෙන්නේ අපේ අවුරුදු special අදියරේ පළවෙනි රෙසපි එක.
සාම්ප්රදායික කෑමක් වෙන අග්ගලා twist එකක් එක්ක… හබල පෙති අග්ගලා… රටකජු තියෙන හින්දා protein වලින්නුත් වැඩි. තව පොල් , රටකජු සහ රට ඉඳි තුනේම තන්තුත් වැඩි… සීනි වෙනුවට රට ඉඳි පාවිච්චි කරන නිසා පෝෂණය අතින් ගුණයි…පැණි රස කෑමක් හින්ද පොඩි අය ගොඩක් අසාවෙන් කෑවා…
try කරලා බලන්න…
අවශ්ය ද්‍රව්‍ය
හබල පෙති කෝප්ප 1
රටඉඳි කෝප්ප 2
පොල්
රටකජු
ලුණු ස්වල්පයක්
සාදන ආකාරය
පළමුවෙන් ම හබල පෙති ටික භාජනයකට දමාගෙන එයට උතුරුවා ගත් වතුර ටික ටික හබල පෙති වැසෙන තුරු එකතු කරගන්න… වතුර එකතු කරන විට වැඩි වුණොත් දියාරු මිශ්රණයක් සෑදන නිසා අග්ගලා බෝල හදාගන්න වැඩේට ඒක පොඩ්ඩක් අමාරුයි… ඒ නිසා උණු වතුර ගාණට මිම්මට එකතු කර ගන්න…
අනතුරු ව රටඉඳිවල ඇට ඉවත් කර ඒවා වෙන ම බදුනකට දමාගෙන උණු වතුර ස්වල්පයක් දමා ගනිමින් ගෑරුප්පුවක් හෝ හැන්දක් භාවිතා කරමින් හොඳින් පොඩි කර ගන්න… බ්ලෙන්ඩර් එකක් භාවිතා කරනවා නම් දාන වතුර ප්රමාණ ගැන සැලකිලිමත් වෙන්න… මේකට අපි සීනි භාවිතා කරන්නෙත් නැති නිසා රට ඉදි ටික හොදට පොඩි වුණා ම තමාහ් රස හොඳට එන්නේ…
වැදගත් ම දේ අපි අපේ පොල් ටික තෙත ගතිය වියළෙන තුරු කබලේ බැදගන්න ඕනේ…( නරක් නොවී තියා ගන්න පුලුවන් වෙලාව වැඩියි…) ඒ වෙලාවෙ ම ආහරයට ගන්නවා නම් ගාගත් පොල් ඒ අයුරින් ම එකතු කර ගන්න පුලුවන්… අග්ගලා බෝල සකස් කර ගත හැකි පදම වන තුරු පොල් එකතු කරමින් පොගවාගත් හබල පෙති හා පොඩි කර ගත් රට ඉඳි සමඟ හොඳින් මිශ්ර කර ගන්න…
දැන් මිශ්රණයෙන් කුඩා බෝල සකස් කර ගන්න… ඒ මැදට රටකජු 2/3 ක් දමා ගන්න…. රටකජු වෙනුවට කජු, ආමන්ඩ් වගේ nut ජාතියක් වුණත් භාවිතා කරන්න පුලුවන්… ඉන්පසුව සකස් කරගත් අග්ගලා ටික හොඳින් තෙත ඉවත්වන තුරු කබලේ බැදගත් පොල්වල දවටා ගන්න… ( මේකට තෙත ගතිය තියන පොල් ගන්න එපාහ්… ) අනතුරුව අග්ගලා ටික ලස්සන කරගන්න උඩ photo එකේ විදිහට රටකජු වුණත් භාවිතා කරන්න පුලුවන්…
