මේක warm salad එකක්. රෑට බත් කන්න අකමැති කෙනෙක්ට ලේසියෙන්ම හොස්ටල් එකක, බෝඩිමක උනත් හදාගන්න පුළුවන් විකල්පයක්.
අවශ්ය අමුද්‍රව්‍ය:
වට්ටක්කා 100g පමණ
බිත්තරයක්
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
සාදාගන්නා ක්රමය
පොතු හැරගත් වට්ටක්කා කැබැල්ලක් අඟලෙ පමණ කුඩා කැබලිවලට කපාගන්න. ඉන්පසු ස්ටීමරයක් ආධාරයෙන් විනාඩි 5ක් පමණ තම්බාගන්න. එයට ලුණු කුඩු ස්වල්පයක් සහා තරමක් ලොකුවට ලියාගත් කොත්තමල්ලි කොළ දමා වට්ටක්කා පොඩි නොවන ආකාරයට හෙමින් මිශ්ර කරගන්න. ඉන්පසු තම්බාගත් බිත්තරයක් එයට උඩින් ග්රේට් කරගෙන ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉස උණුවෙන්ම රස බලන්න.
