අවශ්‍ය ද්‍රව්‍ය:
මෑ ඇට
තක්කාලි
බිත්තර
සාරණ කොළ කිහිපයක්
කොත්තමල්ලි කුඩු සහ සූදුරු කුඩු. ( නැත්තම් තුනපහ ටිකක්)
මිරිස් කුඩු ටිකක්
කපාගත් ලූණු/ සුදු ලූණු
උදේට මේ ව්‍යාංජනය හදනවනම් කලින් දවසේ රෑට මෑ ඇට ටික රැයක් පෙඟෙන්න තියන්න. ව්‍යාංජනය හදන වෙලාවට භාජනයකට (Pressure Cooker දැම්මොත්නම් වැඩේ ඉක්මණින් කරගන්න පුළුවන්) පොඟවගත්ත මෑ ඇට ටික දාගන්න. ඊටපස්සෙ ඒකටම කුඩාවට කපාගත් තක්කාලි (ටිකක් වැඩිපුර ගන්න), ලූණු, සුදු ලූණු, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගන්න. මෑ ඇට ටික වැහෙන්න එහෙම නැත්තම් තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාල ලිපේ තියන්න. මෑ ඇට ටික තැම්බීගෙන එනකොට, සාරණ කොළ ටිකත් දාලා ඉක්මනින්ම ලිපෙන් බාගන්න. තව ටිකක් පෝෂණ ගුණය වැඩි කරගන්න, ලිපෙන් බාගන්න කලින් බිත්තරේකුත් කඩලා දාගන්න පුළුවන්.
මේක ව්‍යාංජනයක් විදියට කන්න පුළුවන් වගේම, වෙනම උදෑසන ආහාරයක් විදියටත් හදාගන්න පුළුවන්.
