Spicy Mango Sauce

අවශ්‍ය ද්‍රව්‍ය:
හොඳට ඉඳුණු අඹ ගෙඩියක්
මිරිස් කුඩු රස අනුව
ලුණු ස්වල්පයක් රස අනුව
දෙහි ගෙඩියක යුෂ
සුදුලූණු බික් කිහිපයක්
රතුලූණු ගෙඩියක්
පොල් තෙල් තේ හැන්දක්
 
සාදන ක්‍රමය:
මුලින්ම හොඳට ඉඳුණු අඹ ගෙඩිය පොතු අයින් කරලා, පොඩි කැබලි වලට කපාගන්න. රස අනුව ලුණු, මිරිස් කුඩු එකතු කරගන්න. ගොඩක් සැරට කැමති අය මිරිස් ගුඩු ගොඩක් දාගන්න. ගොඩාක් සැරට අකමැතිය මිරිස් කුඩු පොඩ්ඩක් දාගන්න. දැන් ඒකට දෙහි ගෙඩියක යුෂ, පොඩියට කපාගත්ත සුදු ලුණු බික් දෙක තුනක්, රට ලුණු ගෙඩියක් එකතු කරගන්න. පොල්තෙල් තේ හැන්දකුත් එකතු කරගෙන ඔක්කොම ටික ක්රීම් එකක් වෙනකම් බ්ලෙන්ඩර් කරගන්න තියෙන්නේ. ඔයාලට බ්ලෙන්ඩර් එකක් නැත්නම් වංගෙඩියක කොටාගන්න.

මේක සෝස් එකක් විදියට විතරක් නෙමෙයි සැලඩ් ඩ්රෙසින් එකක් විදියටත් කෑමට ගන්නත් පුලුවම්
.
Scroll to Top