කුරක්කන් සහ ගොටුකොළ ඔම්ලට්

රන් කුරහන් challenge by Foodventure

උදේ ආහාරයට කුරක්කන් සහා ගොටුකොළ ඔම්ලට්

භාවිතා කළ ද්‍රව්‍ය සහා වියදම:

  1. බිත්තරයක් (රු. 44.00)
  2. කුරක්කන් පිටි මේස හැඳි 3ක් (රු. 30ක් පමණ)
  3. ගොටු කොළ කිහිපයක් (ගෙවත්තෙන් – මේ සඳහා කතුරුමුරුංගා කොළ, මුරුංගා කොළ වුනත් භාවිතා කළ හැක)
  4. ලීක්ස් (ගෙවත්තෙන් – ළූණු වෙනුවට)
  5. අමු මිරිස් (ගෙවත්තෙන් – කොච්චි වුව භාවිතා කළ හැක)
  6. ලුණු කුඩු ස්වල්පයක්
  7. පොල්තෙල් ස්වල්පයක් (භාජනයේ අඩිය මත තුනී ස්තරයක් ලෙස ආලේප කර පමණක්)
  8. කැමති නම් ඇඹුල් රසයක් ගෙන ඒමට කුඩාවට කපා ගත් බිලිං ගෙඩියක් භාවිතා කළ හැක. (තක්කාලි වෙනුවට)

සාදාගන්නා ආකාරය:

  • ගොටුකොළ, අමු මිරිස් සහා ලීක්ස් හීනියට ලියාගන්න.
  • බිත්තරය සමඟ ගෑරුප්පුවක් භාවිතයෙන් හොඳින් බීට් කරගන්න
  • ඉන්පසු කුරක්කන් සහා ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඝනත්වය වැඩි නම් වතුර මේස හැඳි දෙකක් පමණ එකතුකරගන්න.
  • ඉන්පසුව සාමාන්‍ය ඔම්ලට් එකක් සාදාගන්නා ආකාරයෙන් දෙපැත්ත පෙරළා හොඳින් පිසගන්න. අඩු බලශක්තියෙන් පිසගැනීම සඳහා භාජනය පියනකින් වසා පිසගන්න.

සාදාගැනීමට වැයවෙන උපරිම කාලය පැය කාලක් වන අතර කුරක්කන් පිටිවල තන්තු සහා ඝනත්වය බහුල බැවින් උදේ ආහාරය සඳහා මෙය පමණක් සෑහේ. නාගරික, ඉඩ අඩු ගෙවත්තක වුවද අනෙක් අමුද්‍රව්‍ය පහසුවෙන් වගාකරගත හැකි බැවින් මුදල් වැයවන්නේ කුරක්කන් පිටි සහා බිත්තරයක් සඳහා පමණි.

බලශක්තිය සහා කුළු බඩුද සැළකූ විට මට ගිය සම්පූර්ණ වියදම රුපියල් 100කට අඩුය. පෝෂණය සහා සෞඛ්‍යමත් බව සැළකීමේදී ඉතා ඵලදායී වියදමක් වන අතර නොමිලේ කුරක්කන් සහා බිත්තර ලැබෙන අයට නම් වියදමක් යන්නෙ නැති තරම් ය.

Scroll to Top