YouPAH Agventure

Let's start a revolution for our food security !

පෙරළියක ඇරඹුම අහරින් සුරක්ෂිත රටක් සඳහා පෙරළියක් අරඹමු.

What is Food Security?

It is the physical and economic ability to obtain adequate, healthy and nutritious food for a healthy life. Access to safe, nutritious and healthy food is an important basic need.  

Food security plays a major role in determining the economic stability, long-term health, community empowerment and the sustainable development of a country.

Food security mainly depends on agriculture. However, it also depends on several other factors like economic stability and climate changes. The harsh economic conditions faced by our own country as well as the economic and political instability in global context have created the fear of food insecurity, specially among the developing countries like ours. Thus, it is a timely necessity to address the food security in the country.

Agriculture is an important determinant of food security in a country. YouPAH Agventure is a YouPAH initiative to address this issue in our local community and empowering public to take control over their own food security as much as possible, by facilitating home gardening and community gardening.

ඉවත දමන දඬු කැබැල්ලත් පැළ වෙන රටක ආහාර සුරක්ෂිතතාව ගැන කතාකිරීම ට සිදුවීම සැබැවින්ම ලැජ්ජාවට කරුණකි. ඇත්තටම මොකද්ද මේ ආහාර සුරක්ෂිතතාව? සෞඛ්‍යමත් දිවියක් සඳහා ප්‍රමාණවත්, සෞඛ්‍යාරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට අපට ඇති භෞතික හා ආර්ථික හැකියාව, අප රටේ ආහාර සුරක්ෂිතතාව ලෙස හැඳින්වේ.

සරලව කිවහොත් අපට එදිනෙදා අවශ්‍ය පමණට කා බී, ලෙඩක් නැතුව, සතුටින් ඉන්න සුදුසු ආහාර තියනවාද? ඒ ආහාර ගන්න මුදල් තියනවාද? කියන එක. රටකට නිදහස් නිවහල් රටක් ලෙස ස්වාධීනව නැගී සිටීමට මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන ආහාර කියන සාධකය අති වැදගත්‍ ය.

වතුර යට පවතින මහා අයිස් කන්දක් බදු වූ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදය අද වන විට කෙමෙන් කෙමෙන් ඉහළට මතු වෙමින් පවතී. වත්මන් ශ්‍රී ලංකාවේ කරලියට පැමිණ තිබෙන පොහොර අර්බුදය මීට එක් නිදසුනකි. මෙම විෂම චක්‍රය බිඳීමට, ආහාර සුරක්ෂිතතාව කරා යන ගමන ආරම්භ කිරීමට, අප කළ යුත්ත සරලය, පැහැදිලිය. ඔබ හා මා අපට හැකි සෑම තැනකම ආහාරයට ගත හැකි කෙටි කාලීන හා දිගු කාලීන බෝග වගා කිරීම ඇරඹීය යුතුය.

මෙය ඉතා පහසු පළමු පියවරකි. ආනයනික බීජ, කෘෂි රසායන මත පදනම් නොවූ කෘෂිකර්මාන්තයක් , ආහාර ආනයනය අවම ජීවන රටාවක්, රටේ සම්පත් උපරිමව ප්‍රයෝජන ගන්නා තිරසාර සංවර්ධනයක් සඳහා යන ගමනේ අප සියළුදෙනා අපගේ වගකීම්, යුතුකම් ඉටුකරන්නේ නම් පෙරදිග ධාන්‍යාගාරයේ පුනරාගමනය වැඩි ඈතක නොවනු ඇත.

අපේ වැඩසටහන් ගෙවත්ත නිධානයක් කරගන්නා ආකාරය

================
මේ අහරින් සුරක්ෂිත රටක් වෙනුවෙන් වන YouPAH Agventure: පෙරළියක ඇරඹුම කණ්ඩායමේ අත් හදා බැලීම් සහ අත්දැකිම් ඇසුරෙන් ගොඩ නැගෙන post මාලාවකි.
ඔබත් මේ ව්යාපෘතිය සමග සම්බන්ධ වීමට කැමති නම් 0777035268 YouPAH whatsapp number එකට පණිවිඩයක් යොමු කරන්න 🌱🌳

අධ්‍යාපන

Scroll to Top