YouPAH අපි

ප්‍රජා බලගැන්වීම් - Community Empowerment

මාදම්පේ කෝන්ගස් යාය ග්‍රාමය - Kongasyaya village

මාදම්පේ කෝන්ගස් යාය ග්රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ සහ මැදගම සමෘද්ධි බැංකුවේ ආරාධනයකින් මාදම්පේ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් #YouPAH_ අපි ආරම්භ කළ ප්රජා බලගැන්වීම් ක්රියාවලියේ තවත් පියවරකට ඊයේ අපි සම්බන්ධ වුණා.
 
ඊයෙ දවස #YouPAH අපිට තවත් සුවිශේෂී වුනේ මෙය පෝෂණ වටිනාකම දියුණු කරන බලශක්ති හා මුදල් වියදම් අවම කරන ආහාර රටාවක් ප්රවර්ධනය කරන #YouPAH_Foodventure ව්යාපෘතියේ පළමුවෙනි සජීවී වැඩසටහන එනම් #Foodventure_Live challenge එක වීම නිසයි.
 
ඊයෙ පැවැත්වූ #Foodventure_Live එකේ අභියෝගය වූයේ දිනකට රුපියල් 600ක මුදලක් පමණක් වැය කරලා වැඩිහිටියෝ 4 දෙනෙක් සහ පොඩිහිටියෝ දෙන්නෙක් ඉන්න පවුලක දිනක පෝෂණ අවශ්යතා සැපිරෙන පරිදි (ප්රධාන ආහාර වේල් 3ක්) පැය දෙකක් ඇතුළත පිළියෙල කරගැනීමයි. ඔවුන්ට ගෙවත්තෙන්, අසල්වැසියන්ගෙන් අමුද්රව්ය බෙදාහදාගෙන වගේම නිර්මාණශීලීව හිතලා තමන්ගේ වියදම් අඩු කරගන්න පුළුවන්.
 
අපි පෙර දිනවල පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් ඔවුනට මේ සඳහා සූදානම් වීමට අවශ්ය දැනුම සහා කුසලතා වර්ධනය කරගන්න උදව් වුනා. සමෘද්ධි සහා කාන්තා සමිතිවල සාමාජිකාවන් කණ්ඩායමකට 6 දෙනෙක් ඉන්න විදිහට කණ්ඩායම් 4ක් මේ #Foodventure_Live challenge අභියෝගය භාර ගන්න සූදානම් වුනා. ඒ අය එකතු වෙලා ආහාර වට්ටෝරු කතා කරගෙන, ඒවට අවශ්ය අමුද්රව්ය මොනවද කියලා තීරණය කරගෙන හරිම විනෝදයෙන් මේ challenge එකට සූදානම් වෙලා හිටියේ. 🤗
 
මාදම්පේ ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්රාදේශීය ලේකම්තුමා,සමෘද්ධි මූලස්ථාන කළමණාකාරතුමා,සමාජ සංවර්ධන නිලධාරීතුමා,මැදගම සමෘද්ධි බැංකුවේ කළමණාකාරීතුමා ඇතුළු ක්ෂේත්ර නිලධාරීන් කිහිප දෙනෙක් මෙන්ම මාදම්පේ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය වෙනුවෙන් සෞඛ්ය වෛද්ය නිලධාරීතුමිය,අතිරේක සෞඛ්ය වෛද්ය නිලධාරීතුමා සහ පවුල් සෞඛ්ය සේවා නිලධාරීන් කිහිප දෙනෙකුත් #Foodventure_Live challenge එකට සහසම්බන්ධ වුණා ☺️

Rural economic revitalization and Food Security committee of  Kongasaya – Madampe and Medagama Samaradhi Bank collaborated with YouPAH to undertake a community empowerment program for people in Kongasyaya area.

It was a special day for us as we launched first YouPAH foodventure challenge on that day. It focuses on promoting nutritional and low cost food hobbits in the rural areas.

The program features a Live challenge where participants can only spend up to Rs. 600 and they have to prepare three main meals adequate to 4 adults and 2 children. Four teams, consisting of 6 participants from samurdi and women societies , participated in the challenge. They had to completed their tasks within three hours.

Before this initiative, we had few sessions with the villagers to improve their knowledge on balanced diet and nutrition as well as time management on cooking. Participants were grateful about the knowledge and skills they gain through this program, and they expressed their willingness to continue participating in future programs as well.

 

 

ගමේ අය එකතු වෙලා කලින් දවසේ පොඩි ශ්රමදානයක් සංවිධානය කරලා ප්රජා ශාලාව සහ අවට වැඩසටහන වෙනුවෙන් සූදානම් කරලා තිබ්බා.ඉතින් එදා උදේම ගෙවල් වලින් අවශ්ය බඩුත් අරගෙන ඇවිත් ලස්සනට මුළුතැන් ගෙවල් 4කුත් සාදාගෙන එයාලා ලෑස්ති වෙලා හිටියා.. වියදම අඩු කරගන්න බලාගෙන තමන්ගේ කණ්ඩායමේ අයගේ ගෙවතු වලින් සහා ගමෙන් අමුද්රව්ය ගොඩක් එකතු කරගෙන තිබ්බා. එක කණ්ඩායමක් ළඟ තියෙන කලපුවකින් මාළුත් අල්ලගෙනත් ඇවිත් තිබ්බා. #Foodventure_Live එක ගැන මුලින්ම පැවසූ විට “අයියෝ කොහොමද රුපියල් 600කින් 6 දෙනෙකුට කන්න වේල් 3ක් හදන්නෙ?” කියලා අපිට අභියෝග කරපු ඔවුන්, අපි දුන්න ඒ අභියෝගය ඉතාමත් සාර්ථකව ජයගෙන තිබුණා. 🤗

#Foodventure_Live challenge එකේ සූදානම් කරන සැසියෙදි 6 දෙනෙක් ඉන්න ගෙදරක දවසේ කෑම වේල් වලට රුපියල් 600 මදි කියලත් හදන්න පැය 2කට වඩා යනවා කියලත් තමයි අදහස් පල වුණේ..😁. ඇත්තෙන්ම මුල්ම කණ්ඩායමට ආහාර පිස නිමවීමට ගියේ පැය එකයි, විනාඩි 20ක පමණ කාලයක්. ඒ අනුව පෙර සූදානම් සැසියකදී “අපිට පැය 2 ක් මදි වේල් 3ක් උයන්න” කියපු ඔවුන් ඔවුන්වම පුදුමයට පත්කරගත්තා… ❤

ගමේ ළමා සමිතියෙ පොඩිත්තෝ ටිකත් මේ වෙලාවේ අපිත් එකතු වෙලා පෝෂණය ගැන සංකල්ප කතා බහ කළා. පෝෂණ සංඝටක ගැනත්, කෑම වේලේ විවිධ පාට රස තිබීමේ වැදගත්කම ගැනත් ගත්ත සාකච්ඡාවෙන් පස්සේ ළමා සමිතියේ අයත් එකතු වෙලා මුළුතැන් ගෙවල් වලට ගිහින් කෑම වේල් ගැන බලලා, සාකච්ඡා කරලා එයාලත් වෙනම ලකුණු දුන්නා.

අවශ්‍ය දේවල් සැලසුම් කරලා, එකමුතුකමින් වැඩ කටයුතු සිදුකළ නිසා කණ්ඩායම් හතරම හිතුවාටත් වඩා ඉක්මණින් ආහාර සකස් කිරීමේ අභියෝගය ඉවර කළා. ඒ අතරතුරේ විනිශ්චය මණ්ඩලය ආහාරවල පෝෂණ ගුණය, විවිධත්වය, නිර්මාණශීලී බව වගේම මුළුතැන් ගෙදර පිළිවෙල පිරිසිදු බව අධීක්ෂණයට ලක් කළා. පිස නිමවූ ආහාරවල පිළිගැන්වීමට සහා රසටත් ලකුණු හිමි වුනා.

විනිශ්ච මණ්ඩලය ලකුණු ප්‍රකාශයට පත් කරද්දි කණ්ඩායම් හතරම විවිධ අංශ වලින් ජයග්‍රහණය කර තිබීම හැමෝගෙම මුහුණට සතුටක් ගෙනාවා. ඒ වගේම අඩු වියදමකින් අඩු කාලයකින් සමබල ආහාර වේලක් හදන්න මේ #Foodventure_Live challenge අත්දැකීම හරහා ගත්ත අවබෝධයේ වටිනාකම ගැන හැමෝම සතුටින් කතා කලා.💙

ඉතින් මේ #Foodventure_Live challenge එකේදි කණ්ඩායම් සකස් කරපු කෑම වේල් ගැන සහ ඒවා දියුණු කරගන්න පුළුවන් විදි ගැන කතා කරන්න ඊලග #Foodventure_weekly_challenge එකේදි හමුවෙමු.

රාගම තලගොල්ල ළමා සංවර්ධන මධ්‍යස්ථානය

රාගම තලගොල්ල ළමා සංවර්ධන මධ්‍යස්ථානය දැන් රාගම වෛද්‍ය පීඨය සමඟ සෘජුවම සම්බන්ධ වෙලා තියෙන්නෙ වෛද්‍ය පීඨයේ ප්‍රජා වගාබිම පවත්වාගෙන යන්නෙ එම මධ්‍යස්ථානයට අයත්ව තිබූ භූමියක නිසාවෙනි.


ඉතින් ඔවුන් ඒ කරපු පරිත්‍යාගයට කළගුණ සැළකීම, වගාබිමේ ඵලදාව ඔවුන් සමඟ බෙදාහදාගැනීමට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගෙන යාමේ මහාචාර්ය නිර්මලා පෙරේරා මැතිණියගේ අදහසකට අනුව, ඇයගේ ආරාධනයෙන්, #YouPAH_අපි ඊයෙ දින #YouPAH_සෙල්ලම්_ගෙයක් එක්ක ඔවුන් සමඟ කාලය ගත කළා. මෙහිදී ඒ පොඩිත්තන් සමඟ දැනටමත් සම්බන්ධවී කටයුතු කරන රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය එකමුතුවක සාමාජිකයින් ද අපත් සමඟ එක් වුනා.


මේ #YouPAH_සෙල්ලම්_ගෙදර කතාවයි.

මුලින්ම කණ්ඩායම් 4කට පොඩිත්තෝ ටික බෙදුවෙ ඔවුන්ගේ වයස අනුව සෑම කණ්ඩායමකටම විවිධ වයස්වල අය එන විදිහටයි. ඊටපස්සෙ අපිත් ඒ කණ්ඩායම්වලට එක්වෙලා මුල්ම ක්‍රියාකාරකම විදිහට එකිනෙකාට උදව් කරගැනිම ගැන ඔවුන් එක්ක සාකච්ඡාවක් ගන්න ගමන් ඒ තේමාව යටතේ සාමුහික චිත්‍රයක් ඇන්දා. 🤗

යාළුවන්ට වගේම අවට ඉන්න අයට උදව් කරන්න පුළුවන් ආකාර වගේම එහෙම උදව් කරන එකේ වැදගත්කම කතා කරන ගමන් පොඩිත්තෝ ටික පාට කූරුත් බෙදාහදාගෙන එකම කොළයක චිත්‍ර අදින්න ගත්තේ. කණ්ඩායමේ ලොකු පොඩි හැමෝම එකතු වෙලා චිත්‍රය ඇදලා පාට කරපු නිසා ඉක්මණින් ලස්සන චිත්‍ර සම්පුර්ණ කරගන්න පුළුවන් වුණා. 💙

පොඩිත්නන්ගේ පෝෂණය ගැන දැනුම සහා ආකල්ප වර්ධනය වෙන විදිහට පළතුරු වලින් කෑම බීම හදාගන්න තමයි ඊලඟ ක්‍රියාකාරකම සැලසුම් වුණේ.. ඒකෙදි අපේ උදව් ඇතුව කණ්ඩායම් විදිහට විවිධ පළතුරු පිරිසිදු කර, විවිධ හැඩවලට කපා, ඒවා පිළගන්වන්න ලෑස්ති කරන්නත් පොඩිත්තෝ ටික ආසාවෙන් එකතු වුණා.

ඔවුන් අතින් ලස්සනට සැකසුණු fruit platters වලින්
තමන්ගේ පිඟානට ආසාවෙන් බෙදාගත්ත පළතුරු ටික කිසිම බලකිරීමක් නැතුවම එයාලා ඉවර කළේ ඔවුන්ගේ භාරකරුවන් ද පුදුමයට පත් කරලා. ☺️

ඊටපස්සේ ක්රියාකාරකම වුනේ ‘උදව් කැටයක්’ හදන එක. “උදව් කැටය” එයාලගෙ සමාජීය යහපැවැත්ම දියුණු කිරීමට භාවිතා කළ හැකි මෙවලමක් කල්පනා කරද්දී අපිට ආපු අලුත් අදහසක්.

ඒකෙ සංකල්පය තමයි, මන් කෙනෙක්ට උදව්වක් කළොත් ඒ කෙනා එයාගෙ නම ලියපු කොළයක් මගේ “උදව් කැටේට” දාන එක. හෑම සතියක් අවසානයේදීම ඒ කොළ කෑලි ගැනලා එයාලා කරපු උදව් ගණන සහා උදව් කරපු පුද්ගලයින් ගණන එයාලම චාට් එකක ලියන්න තමයි යෝජනාව. ඒ චාට් එකට අනුව වැඩිම උදව් ගණනක් කරපු සහා වැඩි දෙනෙකුට උදව් කරපු පොඩිත්තාට තරුවක් ලැබෙනවා.

පොඩිත්තන්ට ආදරය බෙදන ගමන් එයාලගේ දැනුම, ආකල්ප සහා කුසලතා දියුණු වෙන විදිහට ක්‍රියාකාරකම් වලට කාලය වෙන් වෙද්දි වැඩසටහනේ අවසානයට ඇවිත් තිබ්බ නිසා අන්තිම අංගය විදිහට හැමෝම එකතු වෙලා සිංදු කිහිපයක් කියන්න යෝජනා වුණා. ආයෙත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් වැඩසටහන නිමා කරලා අපි හැමෝම විසිර ගියේ හරිම සතුටින් ❤

Scroll to Top