Pan-roasted බතල චිප්ස්

Chips කිව්වම අපිට මතක් වෙන්නේ ගැඹුරු තෙලේ බැදුම්. හැබැයි චිප්ස් හදන්න තෙල් ගොඩාක් දාලා ගැඹුරු තෙලේ බඳින්න ඕනෙම නෑ. මේ විදියට පෑන් එකේ රෝස්ට් කරන්නත් පුළුවන්!

පෑන් එකකට තෙල් චුට්ටක් oil brush එකකින් ගාලා හරි, spray bottle එකකින් spray කරගෙන හරි, තුනියට තවරගන්න. ඉන්පසු සිහින්ව කපා ගත්තු බතල පෙති ටික ඒ මත අතුරගන්න. දෙපැත්ත පෙරලලා හොඳින් රන්වන් පාට වෙනතුරු රෝස්ට් කරගන්න.

Chips වලට ගම්මිරිස් කුඩ, ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගෙන රස බලන්නත් පුලුවන්. මෙතන මම හදාගෙන තියෙන්නේ කරපිංචා සම්බෝලයක්.

Scroll to Top