අද නම් රෙසිපියක් නෑ… මේ මන් පොඩි බඩගිනිවලට handbag එකේ තියන් ඉන්න “nuts & seeds කුප්පිය”.
එක එක වතාවට එක එක දේවල් මිශ්ර කරලා හදාගන්න නිසා රස සහා පෝෂණ ගුණයෙනුත් විවිධයි. මේ වතාවෙ භාවිතා කරලා තියෙන්නෙ වට්ටක්කා ඇට, සූරියකාන්ත ඇට, බෝල කඩල සහා රට කජු.
විවිධ වර්ණ බීජවර්ගවලින් ලැබෙන ක්ෂුද්ර පෝෂක විවිධයි. ඒ නිසා හැමවිටම විවිධ පාටින් හදාගන්න උත්සහා කරනවා.
Nuts & seeds කියන්නෙ ප්රෝටීන සහා හිතකර මේද අම්ලවලින් අනූන ආහාර නිසා හැමදාම ආහාරයට ගන්න නිර්දේශිත ආහාර කාණ්ඩයක්.
හැම කෑමක් වගේම කන ප්රමාණය වැදගත් මේකෙත්. මන් නම් මේ පොඩි බෝතලේ සාමාන්යයෙන් work week එකක් පුරාවටම තමයි කන්නෙ… එක දවසෙ කාලා ඉවරකරන්නෙ නෑ
