Rainbow Fruit Kebabs

YouPAH අවුරුදු special අදියරේ සෞඛ්යමත් පිසුම් ක්රම මාලාවේ 9වෙනි recipe එක විදියට අපි අද අරන් එන්නේ පෝෂණයෙන් පිරිච්ච, දේදුන්නක් වගේ ලස්සන Rainbow Fruit Kebabs (පලතුරු කූරු).
සාමාන්යයෙන් අවුරුදු කාලෙට අපි වැඩිපුර කන්නේ සීනි සහ පිටි අධික කෑම වර්ග. මේ නිසා ශරීරයේ සීනි මට්ටම ඉහළ යාම සහ අජීර්ණ වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ ස්වභාවික පලතුරු අතුරුපසක් ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්ය විටමින්, ඛනිජ ලවණ සහ තන්තු (fiber) හොඳින් ලැබෙනවා. කෘතිම පැණි බීම හෝ අධික පැණිරස කෑම වෙනුවට මෙය ඉතාම ගුණදායක විකල්පයක්.

Rainbow Fruit Kebabs (දේදුනු පලතුරු කූරු)

මේක හදන්න;
පිනි ජම්බු: (හොඳින් සෝදා පිරිසිදු කරගත්)
ඉදුණු අඹ: (කැබලි කපා ගත්)
කෙසෙල්: (පෙති කපා ගත්)
පැණි කොමඩු: (කොටු හැඩයට කපා ගත්)
පේර: (කැබලි කපා ගත්)
පැපොල්:(කොටු හැඩයට කපා ගත්)
BBQ කූරු කිහිපයක් (Bamboo skewers)

පළමුවෙන්ම සියලුම පලතුරු වර්ග හොඳින් සෝදා, පිරිසිදු කර සමාන ප්රමාණයේ කැබලිවලට කපා ගන්න. BBQ කූරක් ගෙන එහි අගින් ආරම්භ කර පිළිවෙලින් පැණි කොමඩු, පැපොල්, අඹ, කෙසෙල්, පේර, සහ ජම්බු වශයෙන් විවිධ වර්ණ ගැලපෙන සේ අමුණා ගන්න. කූරේ ඉහළ සහ පහළින් අල්ලා ගැනීමට ඉඩ තබා පලතුරු කැබලි පිළිවෙලට සකසා ගන්න. ඔබට අවශ්ය නම් මෙයට ස්වභාවික මී පැණි ස්වල්පයක් හෝ දෙහි යුෂ බින්දු කිහිපයක් ඉස ගැනීමෙන් රසය තවත් වැඩි කරගන්න පුළුවන්. පලතුරු කැබලි කැපීමේදී ඒවායේ නැවුම් බව රැක ගැනීමට පිළිගැන්වීමට මොහොතකට පෙර කපා ගැනීම වඩාත් සුදුසුයි. පිළිගැන්වීමේදි මුදවපු කිරි dip/ යෝගට් dip එකක් සමග වැඩි රසයක් ලබාගත හැකියි.
Scroll to Top