Sea food kebab with sweet & spicy dip

අද ගෙනාවෙ seafood තියෙන එකක්. පෙනුමෙන්, රසෙන්, පෝෂණයෙන් වගේම සෞඛ්‍යමත් බවෙනුත් ඉහළින්ම තිබුනා වගේම කෑම මෙසෙ ලස්සන කරන්නත් උදව් වුනා.
 
අමුද්‍රව්‍ය (කූරු 30කට)
1. ඉස්සො (කූරකට එක බැගින්)
2. කොටු හැඩයට කපාගත් තලපත් මාලු 500g
3. කොටු හැඩයට කපාගත් කොළ පාට බෙල් පෙපර් (මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක්)
4. චෙරි ටොමෑටො (කූරකට එක බැගින්)
5. දෙකට කැපූ දෙහි පෙති (කූරකට එක බැගින්)
6. රස ගැන්වීම සඳහා ලුනු, ගම්මිරිස්, කහා, කෑලි මිරිස්, සුදු ළූණු සහා විනාකිරි
7. කෙබාබ් කූරු හෝ හොඳින් පිරිසිදු කරගත් ඉරටු 30
8. ඩිප් එක සඳහා කිතුල් පැනි සහා කෑලි මිරිස්
 
සාදාගත් ආකාරය:
1. ඉස්සන් පොතු හැරගන්න. ලුණු සහා ගම්මිරිස් අතගා මද වෙලාවක් (පැය කාලක් පමණ) තබන්න. අපේ ගෙදර රෝස් මෙරී පැලයක් තියෙන නිසා මන් ඒ කොළ ටිකකුත් දැම්ම. ඒක අත්‍යාවශ්‍ය නෑ. ඉන්පසු වතුර ටිකක් දමා තම්බාගන්න. ඉස්සන් හොඳින් තැම්බුණු පසු වතුරෙන් ඉවත් කරගන්න.
2. මාලු අඟලක පමණ වන කුඩා කැබලිවලට කපාගන්න. කහා, ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, ග්‍රේට් කරගත් සුදු ළූණු, විනාකිරි දමා මැරිනේටකර පැය භාගයක් පමණ තබන්න. ඉන්පසුව වතුර ටිකක් දමා විනාඩි 20ක් පමණ තම්බාගන්න. ඉන්පසුව වතුරෙන් ඉවත් කරගෙන නොගැඹුරු පෑන් එකකට තෙල් ටිකක් ගෙන මාලු කැබලි ඒ මත අසුරා දෙපැත්ත පෙරලමින් විනාඩි 5ක් පමණ පිස ගන්න. ඔබට මේ වෙනුවට ග්‍රිල් කරගන්නත් පුළුවන්.
3. දැන් ඔබ කැමති පිළිවෙලකට කූරට ගසා ගන්න. අතින් අල්ලන පැත්තට එනම් කූරේ යටටම දෙහි කැබැල්ල ගසන්න. එය තිබෙන්නෙ ආහාරයට ගැනීමට නොව නැවුම්ව මාලු කැබැල්ල මත මිරිකා එය රසගන්වන්නයි. ඒ නිසා දෙහි ගාවටම මාලු කැබැල්ල අමුණගන්න. අපි ඉන්පසුව බෙල් පෙපර්, ඉස්සො සහා අවසානයේ චෙරි ටොමෑටො එක තමයි ඇමිණුවෙ.
4. Dip/source එකනම් හරි ලේසියි. කිතුල් පැනි කෝප්පෙකට කෑලි මිරිස් 50g පමණ මිශ්‍ර කරා විතරයි. කැමති අයට ගන්න ඒක වෙනම තිබ්බෙ.
ඔයාලගෙ අවුරුදුදා දවල් කෑම මේසෙ ලස්සන කරගන්න මේ වගේ කෑමක් අත් හදා බලන්න
Scroll to Top