අද අරන් ආවෙ deep fry නොකර ආහාර රසට පිළිගන්වන්න ක්‍රමයක්…
අවශ්‍ය ද්‍රව්‍ය:
* කුකුල් මස්
*කැරට්, බීට්, අර්තාපල් වැනි කැමති අල වර්ගයක්
*රසකාරක – ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු (අවශ්‍ය නම්), කහ (කුඩා ප්‍රමාණයක්) සහා ග්‍රේට් කළ සුදුළූනු
සාදන ක්‍රමය:
1. චිකන් කහා, ලුණු, ගම්මිරිස්, මිරිස්, සුදු ළූණු දමා විනාඩි 15ක් පමණ මැරිනේට් කරගන්න.
2. Air ෆ්‍රයර් එක 180°C දක්වා උණුසුම් කරගන, ඉන්පසු චිකන් දමා මිනිත්තු 20ක් පමණ රන්වන් පාට වෙනතුරු පිස ගන්න.
3. අල සුද්ද කර මිනිත්තු 7–10ක් උණු වතුරේ තම්බාගන්න. ඉන්පසුව කොටු හැඩැති කැබලිවලට කපන්න
4. ලුණු, ගම්මිරිස්, මිරිස් එයට එකතු කර, air ෆ්‍රයර් එකේ 180°C දී මිනිත්තු 15–20ක් පිස ගන්න. පිසින අතරතුර එක වතාවක් අල කැබලි අනෙක් පස පෙරලෙන ලෙස හොඳින් කලවම් කරන්න
1. කැරට් සහ බීට්රූට් කොටු හැඩයට කපාගෙන උණු වතුරට දමා මිනිත්තු 5ක් පමණ පිසගන්න. අවශ්‍ය නම් ලුණු ටිකක් එකතු කරගන්න. පසුව ජලයෙන් ඉවත් කරගන්න.
2. සියලුම ද්‍රව්‍ය ට්‍රේ එකක අසුරා කැමති dip එකක් සමඟ පිළිගන්වන්න. (අපේ කෑම මේසෙ නම් තිබුනේ යෝගට්වලින් සෑදූ dip එකක්). Dip එකක් විදිහට වෙනම තියෙන විට ආහාරයට ගන්න කෙනාට අවශ්‍ය නැත්නන් නොගෙන ඉන්න පුළුවන් නෙ.
