පතෝල ඔම්ලට් Circles

ළපටි පතෝල ගෙඩියක් ගෙන පොතු හැර ගෙන සෝදා රවුම් හැඩයකට කපා ගෙන පසෙකින් තබන්න.
බෝල් එකකට බිත්තරයක්, කුඩා කැබලි කපාගත් ළුෑණු ,සුදු ළුෑණු, තක්කාලි,කැරට්, කතුරුමුරුංගා කොල හෝ ඔබ කැමති සුදුසු අමුද්රව්යයන් එක් කර, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, උම්බලකුඩු, කෑලි මිරිස්, කහ කුඩු ස්වල්පයක් එක් කර ඔම්ලට් එකක mixture එක සාදන ආකාරයට සාදාගෙන කලවම් කරගන්න.
Pan එකේ හෝ තැටියේ තෙල් ස්වල්පයක් දමා , ලිප දල්වා ගෙන ,කපාගත් පතෝල rings තැනින් තැන එකට නොගෑවෙන සේ දමාගෙන, මිශ්රණය රවුම තුලට වත් කරන්න. ලිප නොවසා එක් පැත්තක් බැදෙන තෙක් තබා අනෙක් පැත්ත හරවා ගන්න.

උණුවෙන්ම පිලිගන්වන්න.

Scroll to Top