අවශ්ය අමුද්‍රව්‍ය:
කෙසෙල්මුවක්
කැරට් අලයක්
ගොටුකොල මිටක්
රතුළුණු ගෙඩි 5ක් 6ක්
ගාගත් පොල්
අමු මිරිස් කරල් 2ක්
දෙහි ගෙඩියක්
ලුනු කුඩු, ගම්මිරිස් රස අනුව
සාදාගන්නා ආකාරය:
මුලින්ම කෙසෙල්මුවේ පිට මොරපු පොතු සහ රේණු ඉවත් කරගන්න. ලුනු වතුර, කහ දැමූ වතුර භජනයකට කෙසෙල්මුවේ ලපටි කොටස සිහින්ව කපා එකතු කරගන්න. සෝදා වතුර අයින්වන තුරු මිරිකා විනඩි 2ක් 3ක් steam කරගන්න. බත් එක උයද්දිම steam කරගන්න පුලුවන්. ගොටුකොල, carrot, රතුළුණු, අමු මිරිස්, සිහින්ව කපාගෙන. ගා ගත් පොල්ද එකතු කර රස අනුව දෙහි, ලුනු කුඩු, ගම්මිරිස් දමා කවලම් කරගන්න.
