අවශ්ය ද්රව්ය:
බෙලි ගෙඩියක්
Lemon (අවශ්ය ප්රමාණයට)
වතුර (අවශ්ය ප්රමාණයට)
මී පැණි (රස අනුව)
මුලින්ම බෙලි ගෙඩිය දෙකට පලා ගන්න.
එහි ඇතුළත ඇති කොටස හැන්දකින් හූරලා බඳුනකට දාගන්න.
එයට වතුර එක් කර විනාඩි 5ක් පමණ පෙඟෙන්න තියන්න.
පසුව ලොකු හිල් ඇති strainer එකක් භාවිතා කර මිශ්රණය පෙරන්න. හැන්දකින් මිරිකමින් ඇට පමණක් ඉතිරි වන ලෙස පෙරන්න.
එම මිශ්රණයට lemon ටිකක් රස අනුව එකතු කරන්න.
උකු වැඩි නම් වතුර තව ටිකක් එක් කරන්න.
එයට මී පැණි රස අනුව එක් කර හොඳින් මිශ්ර කරන්න.
තන්තු , Antioxidants, vitamin C සහ A, ඛනිජ ලවණ බහුල රසවත් ලේසියෙන් හදන්න පුළුවන් බීම එකක්.
