ගෙදර ඉදිආප්ප හදන්නම ඕනෙ නෑ මේක හදන්න. රෑට කන්න හදපු හෝ ගෙනාපු ඉදි ආප්ප ඉතුරු වුනාම fridge එකේ දාලා තියලා උදේට ලේසියෙන් හදන්න පුළුවන් කෑමක් මේ.
Fried rice හදනවා වගේමයි. සුදු ළූණු, කරපිංචා තෙල් චුට්ටක බැදලා, ඒකට ලියාගත් ලොකු ළූණු සහා කැමති එළවලුවකුයි, බිත්තරේකුයි එක්කරලා මිශ්ර කරන්න. මන් ගත්තෙ මෑ, තක්කාලි සහා මාලු මිරිස්. ඊටපස්සෙ ඉදි ආප්ප කෑලි කඩලා දාලා, කෑලි මිරිස් හෝ ගම්මිරිස් පොඩ්ඩකුත් දාලා, කැමති නම් පොල් කිරි හෝ එළ කිරි මේස හැන්දකුත් දාලා මද ගින්නෙ හොඳින් මිශ්ර කරගනිමින් පිස ගන්න.
පොඩිත්තන්ට ඉස්කෝලේ ගෙනියන්න, බෝඩිමේ, හොස්ටල් එකේ රෑට ෆන් එකට හදාගන්නත් කදිමයි..
