හාල්මැස්සන් සහා මෑ බැදුම

කටට රහට සමබල ආහාර වේලක් කන එක මහ අමාරු වැඩක් නෙමෙයි. මේ මට උණ ගැනිලා ඉන්න දවසක ටිකක් සැරට කන්න ඕනෙ නිසා හදාගත්ත බැදුමක්. මේත් එක්ක උණුවෙන්ම බත් ටිකක් තමයි කෑවෙ.

යොදාගත් ද්රව්ය: (තනි පුද්ගලයෙකුට)
*වියළි හාල්මැස්සන් 12ක් පමණ
*මෑ කරල් දෙකක් – මේ අර බෝංචි වගේ තියෙන මෑ වර්ගය, වස විස නැතුව අසල්වැසි ගෙවත්තෙ වැවුනු නැවුම් ඒවා
*කැරට් අල භාගයක්
*මාලු මිරිස් කරලක්
*සුදු ලූණු බික් දෙකක්
*පොඩි රට ළූණු ගෙඩියක්
*කර පිංචා කොළ 5-6ක්
*පොල්තෙල් ස්වල්පයක්
*කෑලි මිරිස් ස්වල්පයක්
(හාල්මැස්සන්ගෙ ලුනු තියෙන නිසා වෙනම ලුනු දැම්මෙ නෑ…. )

සාදාගත් ක්රමය:
හාල්මැස්සන් හොඳින් සෝදා දෙකට කඩාගන්න. එතකොට තෙල් අවමව භාවිතා කරලා බැදගන්න පුළුවන් වගේම කන්නත් ලේසියි. කැරට් සහ මෑ එක තරමට අඟල් භාගෙ වැනි ප්රමාණයකට කපාගන්න. මාලු මිරිස්, ලූණු සහා සුදු ළූණු තරමක් සිහින්ව ලියා ගන්න.

තෙල් ස්වල්පයක් පෑන් එකකට ගෙන පළමුව හාල් මැස්සන් දමන්න… ඒවා හොඳින් බැදුනු විට සුදු ළූණු සහා මෑ එක් කරගන්න. මෑ සාමාන්ය පරිදි බැදුනු විට ඉතිරි අමුද්රව්ය සියල්ලම එක් කර පැහැය රැකෙන සේ සුලු වෙලාවක් බැදගන්න. එච්චරයි…. හදාගන්න විනාඩි 10ක් වත් යන්නෙ නෑ…

හොදි වෑංජන දෙක තුනකින් පොල් කිරි, පොල් තෙල් එන්නෙ නැති නිසා මේක බැදුමක් වුනත් සාම්ප්රදායික ආහාර වේලකට වඩා තෙල් අඩුයි. එළවලු ජාති තුනක්ම අඩංගුයි. ඔයාලත් මෙහෙම සරල වෙනස්කම් අත් හදා බලන්න.

Scroll to Top