හතු, කැරට්, නිවිති එක්ක Egg Drop Soup

අවශ්‍ය ද්‍රව්‍ය:
හතු ස්වල්පයක්
කැරට් අලයක්
නිවිති කොළ කිහිපයක්
බිත්තර දෙකක්
ලූණු, සුදු ලූණු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
ලුණු ටිකක්
 
සාදන ක්‍රමය:
හතු ටික සිහින්ව කඩා ගන්න. කැරට් පොඩියට කපා ගන්න. ඊටපස්සේ කපාගත් ලූණු, සුදු ලූණු භාජනයකට දාල කඩාගත් හතු, කැරට්, ගම්මිරිස් කුඩු ටිකක් සහ ලුණු කුඩු ටිකක් දාල තම්බගන්න. එළවලු ටික තැම්බුනාම නිවිති කොළ ටික දාගෙන, බිත්තර දෙකක් කඩල දාල හොදට කලවම් කරන්න. මේ සුප් එක උණුවෙන්ම බොනකොට හරිම රසයි.
Scroll to Top