Platter 06

අද අමුත්තන් තුන් දෙනෙකුට සකසපු සංග්‍රහයක්.

ප්‍රධාන platter එකේ තියෙන්නෙ කොහිල සහා කෙසෙල් මුව යොදා රස ගැන්වුණු බතල කට්ලට්. අනිත් ප්‍රධාන ආහාරය ඉරිඟු පිටි රොටි. මේකෙ රෙසපිය නම් කළින් දාලා තියෙන්නෙ. ඒක උඩින් සරසන්න යොදාගත්තෙ කෙහෙල්මුව සහා කොහිල සීනි සම්බෝලයක්. කට්ලට් හදන්න බැදපුවයින් කොටසක් ඉතිරි කරගෙන. ඒකෙ රෙසිපියත් අපි ඉදිරියට පළ කරන්නම්. අනිත් අයිටම් එක කඩල පිටි තවරලා බැදපු කතුරුමුරුංගා මල්. මේ සම්පූර්ණ platter එකට උපරිමව ගිය වියදම රුපියල් 350ක් පමණ (ඉරිඟු පිටි තෑගි ලැබුණ ඒවා. කතුරුමුරුංගා මල් සහා පොල් ගෙවත්තෙන්).

දෙවෙනි platter එක ඇත්තටම ඩිප් එක තියන්න යොදාගත්තෙ සාමාන්‍ය යෝගට් එකකට කෑළි මිරිස් දාලා. ඒක වටේ අලංකාර වෙන්න තම්බපු බීට්රූට් සහා චව් චව් අඩංගු වෙජි කෙබාබ් එකක් තමයි යොදාගත්තෙ. චව් චව් කියන්නෙ ඇත්තටම පළතුරක්. නත්තල් කේක්වල චව් චව් දෝසි අත්‍යාවශ්‍ය අංගයක්. ඉතිම් නත්තල් සමය සිහිවෙන්නත් එක්ක රතු පාටින් බීට්රූට් සහා චව් චව් යොදාගත්තෙ. මේ මුළු platter එකටම ගියෙ රුපියල් 250ක් විතර.

ඊළඟට තියෙන්නෙ ගෙදරදිම හදාගත්ත පැණි උණුකරලා රසගන්වපු පොරි සහා ඉඟුරු තේ. මේ කොටසටත් උපරිමව රුපියල් 150ක් යන්න ඇති. පොරිත් නත්තල් කාලෙ පාවිච්චි වෙන කෑමක් සැරසිලිවලට එහෙම. මේ මුළු සංග්‍රහයටම ඉතිම් ගියෙ රුපියල් 750ක් විතර. අමුත්තන්ට ආදරෙන් සංග්‍රහ කරන ගමන් හිත සතුටු කරගන්නත් මේ වගේ සංග්‍රහ ඔයාලත් අත් හදා බලන්න.

Scroll to Top