Platter 05

අද platter එක අමුත්තන් දෙනෙක්ට සංග්‍රහ කරන්න බලාගෙන හැදුවේ. මේක fried items හා serial items කියලා කොටස් දෙකකින් යුක්තයී.

Fried Items

  1. බතල චිප්ස්

සෝදලා පොත්ත ඉවත් කරගත්තු බතල තීරූ විදිහට කපා ගෙන තෙලෙන් බැද ගත්තා. බතල නම් අසැල්වැසියෙකුගෙන් ලැබුන නිසා වියදමක් ගියේ නැහැ.

  1. බිම්මල් බැඳුම

මේ ලංකාවේ හැම තැනකටම වගේ හොඳින් වහින කාලයක් නෙ. උදේ ගෙවත්තෙ ඇවිදින්න ගියාම හම්බුනේ අපිට වැස්ස වැඩි මේ දෙසැම්බර් කාලයේ විතරක් අපෙ ගෙවත්තේ පිපෙන ඉඳුරුල්ලා කියන හතු වර්ගය. ව්‍යාංජනයට අරගෙන ඉතිරි වුන ටිකක් මේ විදිහට පාන් කුඩු පෙරළලා බැද්දා. කාලෙකින් හම්බෙන රස කෑමක්. බතල චිප්ස් සහ මේ දෙකටම රු. 100/= වගෙ පොත් තෙල් වැය වෙන්න ඇති.

Dip එකට ගත්තෙ ගෙදරම හදපු තක්කාලි සෝස් එකක්. හොඳට බුබුලු දාලා පැහෙන උණුවතුර එකක හොඳින් සෝද ගත්තු තක්කාලී ගෙඩියක් දාලා විනාඩි 4ක් වගෙ තියලා අරගෙන පොත්ත ඉවත් කර ගත්තා. එය නයි මිරිස් කරලක් හා සුදු ලූණු බිකක් සමඟ වතුර නොඳා බ්ලෙන්ඩ් කර ගත්තා. මිශ්‍රණය හොඳින් පෙරා ගෙන වතුර ගතිය ඉවත් වෙලා උකු වෙන තුරු හොඳින් භාජනයක තියලා හැදි ගාමින් රත් කර ගත්තා.රසකාරක, වර්ණක, කල්තබා ගැනීමෙ ද්‍රව්‍ය මුකුත් නැතිව තක්කාලී සෝස් විනාඩි15 ක් වගේ කෙටි වේලාවකින් හදාගන්න පුළුවන් වුනා. මේ තක්කාලි සෝස් එක හදන්න මට උපරිම රු. 50/=ක් වගෙ වැය වෙන්න ඇති.

Serial Items

  1. ඉතිරුම් බත් අග්ගලා

මේ නම් ඕනෙම ගෙදරක පහසුවෙන් හදාගන්න පුලුවන් කෑමක්. වේලපු බත් පිටි කරලා පොල්, ලුණු හා සීනී ( දුඹුරු සීනී තමා නිර්දේශිත ) හෝ පොල් පැණි මිශ්‍ර කරලා සාමාන්‍යයෙන් අපට පුරුදු අග්ගලා හදන ක්‍රමයටමයී මේ හදලා තියෙන්නේ.

#YouPAH_Foodventure එකේ #Lets_not_waste_challenge එකේ හදන විදිහ වගේම පෝෂණ ගුණය ගැනත් දාලා තියෙනවා.කෑමට පහසු වෙන්න පොඩියට ගුලි හදාගත්තා.

 2. හබල පෙති අග්ගලා

හබල පෙති ( Puff rice ) හොඳින් සෝදලා වතුර ටික පෙරෙන්න තියා ගත්තා. පෑන් එකක් රත් වෙන්න තියලා එයට ගා ගත් පොල් එකතු කර ගත්තා. දැන් ටිකකින් මේකට සීනි සහ ලුණු ඇබින්දක් එකතු කරලා හැදි ගා ගන්නවා. ඒකට කලින් සෝදාගෙන වතුර පෙරා ගත්තු හබල පෙති ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ටික වේලාවකින් මේ මිශ්‍රණය ගුලියක් විදිහට හැදෙන පදම ආවම මිශ්‍රණය ලිපෙන් ඉවත් කරලා කුඩා ප්‍රමාණයේ බෝල සාදා ගන්නවා. වෙළෙඳ පොළේ හබල පෙති 100g ක් රු. 45/= ක් වගෙ මිලක් වෙනවා. පොල්, සීනී සඳහාත් වැය වුන මුදල බැලුවම උපරිම රු. 80/=ක් වගෙ වියදම් වෙන්න ඇති.

  • රටකජු බැඳුම

රටකජු කියන්නෙ ඕනෑම කෙනෙක් කන්න කැමති කෑමක්. කබලේ රන්වන් පාට වෙනකන් බැද ගත්තු මේ රටකජු වලට උපරිම රු. 150/= ක් වගෙ යන්න ඇති. රසකාරක විදිහට ලුණු කුඩු ටිකක් හා මිරිස් කුඩු ටිකක් යන්තම ඉහ ගත්තා.

  • කඩල තෙම්පරාදුව

කලින් පෙගෙන්නට දාලා කඩල ටික තම්බ ගත්තා. කුඩා කැරට් අල 2ක්, ළූණු ගෙඩි භාගයක්, පොල් කෑලී ටිකක්, කෑලි මිරිස් තේ හැදි භාගයක්, අබ තේ හැදි කාලක්, ලුණු කුඩු ටිකක් හා කරපිංචා ඉත්තක කොළ ටිකක් දාලා තෙම්පරාදු කර ගත්තු මිශ්‍රණයට තම්බ ගත්තු කඩල ටික දාලා කවලම් කර ගත්තා. මේ සියල්ලටම උපරිම රු. 150/= ක් වගෙ යන්න ඇති.

  • ඉඟුරු තේ

මන් බීම විදිහට තිබ්බෙ ඉඟුරු තේ. මේවගේ සංග්‍රහයකට ඒක ගැළපෙනවා.කැමති තරමට සීනි දාගන්න සීනි වෙනම තිබ්බා. මේ කොටසට ඉතින් උපරිමව රුපියල් 100/=ක් යන්න ඇති.

බ්ලෙන්ඩර් එක භාවිතයට ගත්තු අවස්තා දෙක ඇරුනම අමතරව බලශක්තියට කියලා නම් වියදම් ගියේ නැහැ. ගෙවත්තේ පහසුවෙන් දර හොයා ගන්න පුලුවන් නිසා අපෙ ගෙදර හැකි සෑම විටම දර ලිප තමා භාවිතා වෙන්නෙ.

Scroll to Top