Platter 04

අද platter එක හැදුවෙ දෙන්නෙක්ට වුණාට 4 දෙනෙක්ට රස විදින්න පුලුවන්. මේ fruit platter එකට ගත්තෙ රසවත් වගේම ගුණයෙනුත් යුත් ඉතා අ​ඩු වියදමකින් හොයාගන්න පුලුවන් ලංකාවෙ හැදෙන පලතුරු ටිකක්. අපි කන කෑමවල රසයෙන් දිව පිනායනවා වගේ ඇසුත් පිනවන්න ලස්සන පාටවලින් තියෙන පලතුරු තමයි අපි මේකට ගත්තෙ.

  1. අන්නාසි – මේ දවස්වල නිතර දකින්න ලැබෙන පලතුරක්. අපේ හොස්ටල් එක ඉස්සරහින් රු.100 ක් දීලා අන්නාසි ගෙඩි භාගයක් ගත්තා ඒක හොඳටම ඇතිවුණා ප්ලැටර් එකට. ඔය තියල තියෙන ඒවට අමතරව ඉතුරුවෙච්චා අපි දෙන්නත් එක්ක platter එකහදන අතරෙ හීනියට රසවින්දා.
  2. අඹ සහ කෙසෙල් – මේවනම් ලංකාවේ හැ​ම ගෙදරකම වගේ තියෙන රසයෙන් ගුණයෙන් වැඩි පලතුරු 2​ක්. රාගම පොලෙන් ගත්ත නිසා රුපියල් 180ක් ගියා දෙකටම.
  3. පැණි කොමඩු – මේ දවස්වල සුලබ පලතුරක්. මේකටත් ගියේ රු.100 ​යි. අපි දෙන්නෙක්ට ගොඩක් ඕන නැතිනිසා අවශ්‍ය ප්‍රමාණයට ගෙඩි භාගයක් වගේ ගත්තෙ.
  4. කාමරංකා – නත්තල් දවස්වල සීනි වැඩිපුර කැවෙන නිසා කාමරංකා ටිකකුත් එකතුකරගන්න ඕනි කියලා හිතුණා. මේකට නම් වියදමක් ගියේම නෑ මොකද අපේම අත්වලින් වතුර දාලා හිටවපු අපේ හොස්ටල් එකේ කාමරංකා ගහෙන් තමයි කඩාගත්තෙ.
  5. අන්තිමටම ඩිපින් සෝස් එක විදියට අපි හිතුවා කිරි රසක් එකතුවෙන විදියට යෝගට් එකක් ගන්න. මේකටනම් වෙළඳපොළේ සාමාන්‍ය යෝගට් එකක ගානම තමයි ගියේ. දේශීය කර්මාන්තකරුවෙක්ගේ යෝගට් එකක් තමයි අපි ගත්තෙ.

ඉතින් මේ සම්පූර්ණ platter එකටම ගියේ රු.400 ක් වගේ මුදලක්. ඉතින් ගෙවත්තෙම මේවා තියෙන අයටනම් වියදමක් යන්නෙම නැහැ. යාලුවො නෑදෑයො එක්ක බෙදාගන්න ලස්සන පාට වලින් පිරුණු රසයෙන් වගේම ගුණයෙන් පිරුණු fruit platter එකක් ඔයාලටත් ලේසියෙන්ම හදාගන්න පුලුවන්

Scroll to Top