Platter 03

අද platter එක අමුත්තන් තුන් දෙනෙක්ට සංග්‍රහ කරන්න බලාගෙන හැදුවේ. හැම අතින්ම හොද නිසා ගෙවත්තෙන් ගන්න පුළුවන් දේවල් පෝෂ්‍යදායි වෙන විදිහට සැලසුම් කලේ.

  1. කොස් ඇට අග්ගලා

මේ නම් ඕනෙම ගෙදරක ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්නේ..මේ කාලේ බලශක්තිය ඉතුරු කරගන්න එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ නිසා දවල්ට උයන්න දර ලිප පත්තු කරපු ගමන් කොස් ඇට ටික හොදට කබලේ බැදගත්තා. කෑමට පහසු වෙන්න පොඩියට ගුලි හදාගත්තා.

  1. ඉරිඟු රොටී

අපේ #බඩ_ඉරිඟු_challenge එකෙන් පස්සේ තෑගි විදිහට ලැබුණු ඉරිඟු පිටි වලින් තමයි පොඩි රොටී හැදුවේ. පෝෂ්‍ය ගුණය වගේම රස සහ සුවඳ අතින් ගත්තහමත් සුපිරි කෑමක්. සැරට ලුණු මිරිස් ටිකක් හදාගත්තා platter එකට විවිධත්වයක් එකතු කරන්නත් එක්කම. 

  1. Batter – fried items

මේකේ ජාති 2යි. දෙකම ගෙවත්තෙන්. තෑගි හම්බුණු කිතුල් පිටි වලින් පෙරළලා බැදපු කතුරුමුරුංගා මල් සහ ලපටි නිවිති කොළ. මේ කාලේ ලේසියෙන් හොයාගන්න පුළුවන් පෝෂණ ගුණයෙන් පෝසත් කතුරුමුරුංගා මල් හැමදාම එකම විදිහට හදන්න ඕනේ නෑනේ.මෙහෙමත් try කරලා බලන්න පුළුවන්.

  1. පළතුරු

අඹ,ජම්බු සහ වෙරළු. මේ තුනත් ගෙවත්තෙන්. Platter එකේ පාට,රස වැඩි කරන්න තමයි පළතුරු එකතු කලේ. දවසකට අපි පාට පාට පළතුරු ජාති 2ක් වත් කන්න ඕනේ කියලා මතකයිනේ. තමන්ගේ ගෙවත්ත දියුණු කරගත්තොත් ඒක හරිම ලේසි දෙයක්.

  1. සේර පානය

ගෙදර තියෙන සේර පදුරෙන් සේර කොල ටිකක් කපාගෙන හෝදලා මද අව්වේ වේල ගන්න ඕනේ. ඊටපස්සේ කොල ටික වතුරේ තම්බ ගන්න තියෙන්නේ. රස,ගුණ වගේම සුවදිනුත් අනුනයි. ඉතින් පොලුත් ගෙවත්තෙන්ම සපයා ගන්න පුලුවන් වුන නිසා, අමතරව මිල දීලා ගත්තු දේකට කියලා භාවිතා කරේ සීනි හැදි 3ක් වගෙ, බැදීමට පොල්තෙල්, පොඩි ලූණු ගෙඩියක්, මිරිස් හා ලුණු කුඩු ස්වල්ප ප්‍රමාණ වලිනුත් නිසා.

Scroll to Top