හබලපෙති කැඳ / அவல் கஞ்சி

සාදාගන්නා ආකාරය:

ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ හබලපෙති වලින් අග්ගලා හදන්න වුනාට හබලපෙති වලින් කැඳ ඇතුළු තවත් කෑම වර්ග රැසක් හදන්න පුළුවන්.

මුලින්ම හබලපෙති 100g ක ප්‍රමාණයක් අරගෙන හොඳින් සෝදලා වතුර ටික මිරිකලා භාජනයකට දාගත්තා. එයටම තලාගත්තු සුදුළූණු බික් 2ක්, ගම්මිරිස් ඇට 2ක්, රම්පා කරපිංචා , සිහින්ව ග්‍රේට් කරපු කැරට් අල 2ක් සහ ගොටුකොළ මිටක් එකතු කරගත්තා. වතුර කෝප්ප 2 1/2ක් විතර එකතු කරලා මේ ටික තැම්බෙන්න ලිපෙන් තියාගත්ත. හබලපෙති තැම්බෙන්න වැඩි වෙලාවක් යන්නෙ නැහැ වගේම බත් වගේ පිම්බිලා, බෝ වෙන නිසා 4 දෙනෙකුට බොන්න මේ ප්‍රමාණයන් හොඳටම සෑහෙනවා. මේ සියල්ල තැම්බීගෙන එද්දී පොල් ගෙඩියකින් 1/4 ක විතර කිරි මං මේකට එකතු කරා. රස අනුව ලුණුත් එකතු කරගෙන උතුරනකන් හොඳින් හැදි ගාමින් පිස ගන්නයි තියෙන්නෙ. විනාඩි 15ක් වගෙ ඇතුලත අපිට මේ පෝෂ්‍යදායි කැඳ එක පිළියෙල කරගන්නත් පුළුවන්.

වැඩිහිටියන්ට වගේම පොඩි බබාලට උනත් උදෑසනට වේලට දෙන්න සුදුසු ආහාරයක් විදිහ මේ හබලපෙති කැද හඳුන්වන්න පුළුවන්. ඉතින් තමන්ට කැමත් එළවළුවක් පළා ජාතියක් එකතු කරලා රස වගේම පෝෂණයත් වැඩි කරගන්න ඔයාලට නිදහස තියනවා.

செய்முறை:

சிலர் அவலில் இருந்து உருண்டை செய்வார்கள். ஆனால் கஞ்சி உட்பட பல உணவுகளை அவலில் இருந்து செய்யலாம்.

முதலில், 100 கிராம் அவலை எடுத்து, அதை நன்கு கழுவி, தண்ணீரைப் பிழிந்து ஒரு பாத்திரத்தில் வைக்கவும். அதில் 2 நசுக்கிய பூண்டு பற்கள், 2 மிளகு, ரம்பை கறிவேப்பிலை, 2 நன்றாக துருவிய கேரட் மற்றும் ஒரு கொத்து வல்லாரை இலைகள் சேர்க்கவும். சுமார் 2 1/2 கப் தண்ணீர் சேர்த்து அடுப்பில் வைத்து கொதிக்க வைக்கவும்.அவலை வேகவைக்க அதிக நேரம் எடுக்காது, இது அரிசியைப் போலவே பெருகக்கூடியது, எனவே இந்த அளவு 4 பேருக்கு போதுமானது. இதெல்லாம் கொதித்ததும் ஒரு தேங்காயில் கால் வாசியளவு (1/4 ) பால் சேர்த்தேன். ருசிக்கேற்ப உப்பு சேர்த்து கொதிக்கும் வரை நன்கு கிளறி சமைக்க வேண்டும். 15 நிமிடத்தில் இந்த சத்தான கஞ்சியை தயார் செய்துவிடலாம்.

பெரியவர்கள் மற்றும் சிறிய குழந்தைகளுக்கு , இந்த அவல் கஞ்சி காலை உணவுக்கு ஏற்ற உணவாகும். எனவே நீங்கள் விரும்பும் எந்த காய்கறியையும் சேர்த்து சுவை மற்றும் ஊட்டச்சத்தை அதிகரிக்கலாம்.

Scroll to Top