වට්ටක්කා ෆ්‍රයිඩ් රයිස් / பூசணி fried rice ஃபிரைடு ரைஸ்

සම්ප්‍රදායික බත් සමඟ කන වට්ටක්කා ව්‍යාංජනය වෙනුවට වට්ටක්කා සහ අනෙකුත් එළවළු යොදාගෙන අඩු කාලයකින් හා ශ්‍රමයකින් හදන්න පුළුවන් සමබල හා රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් ගැන තමයි අද අපි කියන්න යන්නෙ.

මේ වට්ටක්කා ෆ්‍රයිඩ් රයිස් එක හදන්න මට ඕන වුනේ එක බත් කෝප්පෙකට ග්‍රේට් කරගෙන හෝ සිහින්ව කපාගත්තු වට්ටක්කා 150g, සිහින්ව කපාගත්තු දඹල හා මෑ කරල් 3-4ක්, කතුරුමුරුංගා කොළ මිටක් විතර, කපාගත්තු ළූණු ගෙඩි 1/2ක්, බිත්තරයක්. රසකාරක විදිහට තලාගත්තු සුදු ළූණු බික් 2ක් , අමු ඉඟුරු කෑල්ලක්, රස අනුව ලුණු ගම්මිරිස් තමයි මං පාවිච්චි කලේ.

මුලින්ම පෑන් එකට තෙල් ස්වල්පයක් එකතු කරලා රත් වෙන්න ඉඩ දෙන්න. දැන් එයට තලාගත්තු සුදු ළූණු , අමු ඉඟුරු, කපාගත්තු ළූණු එකතු කරගෙන ටිකක් බැදගන්න. ඊළඟට එයට ග්‍රේට් කරපු වට්ටක්කා ටික එකතු කරගෙන කලවම් කරමින් ටික වේලාවක් පිසගන්න. වට්ටක්කා ග්‍රේට් කරලා තියෙන නිසා එයට වැඩි වේලාවක් වැය වෙන්නෙ නැහැ. දැන් එයටම බිත්තරයක් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන බැද ගන්න. එයටම රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරගන්න. දඹල, මෑකරල් හා කතුරුමුරුංගා කියන්නේ අමුවෙනුත් ආහාරයට ගත් හැකි දේවල් නිසාත් පෝෂණ ගුණය ආරක්ෂා කරගන්නත් පුළුවන් නිසාත් මං මේ ටික අවසානට තමයි එකතු කර ගත්තේ. දැන් ඒකට කලින් උයාගත්තු බත් කෝප්පයක් එකතු කරගෙන ගෙන හොඳින් කළවම් කරගෙන උණු උණුවේම රස බලන්න පුළුවන්. ඇත්තටම ෆ්‍රයිඩ් රයිස් කියන්නෙ අඩු මහන්සියෙන් හදාගන්න පුළුවන් පරිපූර්ණ ආහාර වේලක් නිසා හොස්ටල්වල, බෝඩිම් වෙලා ඉන්න අයට වගේම කාර්‍යබහුල රැකියවල නියුතු අයටත්, පොඩිත්තන්ගේ ලන්ච් බොක්ස් සඳහාත් මේ වගෙ ආහාරයක් ඉතාම සුදුසුයි.

වට්ටක්කා කියන්නෙ අපේ දෛනික ආහාර වේලේ අනිවාර්යයෙන් අඩංගු විය යුතු කහ පාට එළවළු ගොන්නේ පෝෂ්‍යදායිම හා ලාභදායී එළවළුවක්. මෑකරල්, දඹල කියන්නේ ප්‍රෝටීන් බහුල රනිල භෝගයන්. කතුරුමුරුංගා කියන්නෙත් යකඩ, කැල්සියම් විතරක් නෙවෙයි ප්‍රෝටීන් වලිනුත් පොහොසත් පලා ජාතියක්. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එකට බිත්තරයක් එකතු කිරීම අත්‍යාවශ්‍ය නැහැ. අතේ මිල මුදල් හිඟ වෙලාවට සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභව නැතිව වුනත් මේ වගෙ එළවළු හා පලා ජාති මිශ්‍ර කරලා හදන ෆ්‍රයිඩ් රයිස් එකකින් වුනත් ආහාර වේල අඩු මහන්සියකින් සියලු පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ කරගන්න පුළුවන්.

சாதத்துடன் உண்ணப்படும் பாரம்பரிய பூசணிக்காய் கறிக்குப் பதிலாக பூசணி மற்றும் பிற காய்கறிகளைப் பயன்படுத்தி குறைந்த நேரத்தில் இலகுவாக செய்யக்கூடிய சக்தி(energy) மற்றும் சுவையான ஃபிரைடு ரைஸ் பற்றி இன்று பேசப் போகிறோம்.

இந்த பூசணிக்காய் ப்ரைடு ரைஸ் செய்ய, ஒரு கப் அரிசிக்கு 150 கிராம் துருவிய அல்லது பொடியாக நறுக்கிய பூசணி, 3-4 பொடியாக நறுக்கிய சிறகவரை / அவரை மற்றும் பயத்தங்காய், ஒரு கைப்பிடி முருங்கை இலைகள், 1/2 நறுக்கிய வெங்காயம் மற்றும் ஒரு முட்டை. நான் 2 பெரிய வெள்ளை பூண்டு, ஒரு துண்டு பச்சை இஞ்சி மற்றும் உப்பு மற்றும் மிளகு சுவைக்கு ஏற்ப பயன்படுத்தினேன்.

முதலில் கடாயில் சிறிது எண்ணெய் ஊற்றி சூடாக்கவும். இப்போது அதில் நறுக்கிய பூண்டு, பச்சை இஞ்சி மற்றும் நறுக்கிய வெங்காயம் சேர்த்து சிறிது வதக்கவும். அடுத்து அதில் துருவிய பூசணிக்காயை சேர்த்து கிளறி சிறிது நேரம் வதக்கவும். பூசணி துருவியதால், அதிக நேரம் எடுக்காது. இப்போது அதனுடன் ஒரு முட்டையை சேர்த்து நன்கு வதக்கவும். சுவைக்கு உப்பு மற்றும் மிளகு சேர்க்கவும். சிறகவரை / அவரை, பயத்தங்காய் மற்றும் முருங்கை இலை ஆகியவை பச்சையாக சாப்பிடக்கூடியவை மற்றும் அவற்றின் ஊட்டச்சத்து மதிப்பைப் பாதுகாக்க இவற்றை இறுதியில் சேர்த்தேன். அதில் ஒரு கப் முன் சமைத்த சோற்றை சேர்த்து, சூடாக பரிமாறவும். உண்மையில், ஃபிரைடு ரைஸ் என்பது குறைந்த முயற்சியில் தயாரிக்கக்கூடிய உணவாகும், எனவே இதனை உணவு விடுதிகள், தங்கும் விடுதிகள் மற்றும் பிஸியான வேலைகளில் இருப்பவர்களுக்கும், குழந்தைகளுக்கான மதிய உணவுப் பெட்டிகளுக்கும் மிகவும் ஏற்றது.

நமது அன்றாட உணவில் கட்டாயம் சேர்த்துக்கொள்ள வேண்டிய மஞ்சள் காய்கறிகளில் பூசணி ஒரு சத்தான மற்றும் மலிவான காய்கறி. பயத்தங்காய் மற்றும் சிறகவரை / அவரை புரதம் நிறைந்தவை. இரும்பு, கால்சியம் மட்டுமின்றி புரதச்சத்தும் நிறைந்த காய்கறி முருங்கை இலை. எனவே இந்த பிரைடு ரைஸில் முட்டை சேர்க்க வேண்டிய அவசியமில்லை. பணப் பற்றாக்குறையில் விலங்குப் புரதச் சத்து இல்லாவிட்டாலும், இப்படி காய்கறிகள் மற்றும் மூலிகைகளைக் கலந்து செய்யப்படும் ப்ரைடு ரைஸ் மூலம், சிறிய முயற்சியில் எல்லாச் சத்துக்களோடும் உணவைக் கச்சிதமாகச் செய்யலாம்.

Scroll to Top