කොහිල සම්බෝල / கொஹில சம்பல்

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කොහිල

  • පොඩි ළූණු ගෙඩියක්

  • අමු මිරිස් කරල් 2ක්

  • ගම්මිරිස්

  • ලුණු කුඩු

  • දෙහි බෑයක්

  • තක්කාලි පොඩි ගෙඩියක්

  • ගා ගත් පොල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:

අපි අද හැදුවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් සිම්පල් කෑමක්. පිසූ එළවළු වලින් හමදාම කෑම කනවට වඩා අමු එළවළු වලින් කෑම හැදුවම වෙනස් වගේම, පෝෂණ ගුණයත් වැඩිපුර ලැබෙනවා. ඒ නිසා අමුද්‍රව්‍ය කිහිපයකින් හදාගන්න පුලුවන් කොහිල සම්බෝලයක් තමයි අද තමයි අද අපි හදන්නෙ.

මුලින්ම සෝදාගත් කොහිල අලය සිහින් කොටු හැඩති කැබලිවලට කපා ගන්න. කපාගත් කොහිල කැබලි ලුණු මිශ්‍ර වතුරේ විනාඩි 2ක් පමණ තිබෙන්නට හැර වතුර හොඳින් මිරිකා ඉවත් කර ගන්න. කහට පිපෙන එක වළක්වන්න තමයි එහෙම කරන්නෙ.

ගා ගත් පොල් සමඟ කපාගත් කොහිල කැබලි හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු කුඩාවට කපාගත් ළූණු, අමු මිරිස් සහ තක්කාලි එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ දෙහි ස්වල්පයක් දමන්න. සම්බෝල වඩා රසවත් කිරීමට කැමති නම් උම්බලකඩ එක් කරගන්න පුළුවනි.

தேவையான பொருட்கள்:
  • கொஹில கிழங்கு

  • வெங்காயம் – 1 (சிறியது)

  • பச்சை மிளகாய் – 2

  • மிளகு

  • உப்பு

  • சேசிக்காய்- ½

  • தக்காளி – 1 (சிறியது)

  • துருவிய தேங்காய் – சிறிதளவு

செய்முறை:

இன்று நாம் செய்த உணவு மிகவும் இலகுவாக செய்யக் கூடியது. சமைத்த மரக்கறிகளை உணவாக உட்கொள்வதை விட சமைக்காத மரக்கறிகளை உண்ணும் போது வித்தியாசமாகவும் போசணை மிக்கதாகவும் இருக்கும்.

முதலில் கழுவி எடுத்த கொயிலை கிழங்கை சிறிய துண்டுகளாக வெட்டிக்கொள்ளுங்கள் வெட்டிய துண்டுகளை 2 நிமிடங்கள் உப்பு நீரில் இட்ட பின்பு நன்றாக பிழிந்து உப்பு நீரை அகற்றுங்கள். கொஹில கிழங்கு கயரை (கறையை) நீக்குவதற்காக இவ்வாறு செய்கிறோம்.

துருவிய தேங்காயுடன் பிழிந்து எடுக்கப்பட்ட கொஹில துண்டுகளை கலந்து கொள்ளுங்கள். பின்னர் சிறிய துண்டுகளாக நறுக்கப்பட்ட வெங்காயம், பச்சை மிளகாய் மற்றும் தக்காளி சேர்த்துக்கொள்ளுங்கள். தேவையான அளவு மிளகு தூள், உப்புதூள் மற்றும் தேசிக்காய் சாறு சேர்த்துக்கொள்ளுங்கள். இந்த சம்பலை மென்மேலும் சுவையூட்ட மாசியை சேர்த்துக்கொள்ளுங்கள்.