කොහිල කැඳ / கொஹில கஞ்சி

මුලින්ම කැකුළු හාල් අඩු කෝප්ප 1/4ක් විතර පැය 4-5 ක් වතුරේ දාලා පෙගෙන්න තියන්න ඕනෙ. ඔයාලා උදේට මේ කැඳ එක හදනවා නම් කලින් දවසේ රෑට කැකුළු හාල් ටික පෙගෙන්න දාන්න. පහුවදා උදේට මේ හාල් ටික සෝදලා අරගෙන බ්ලෙන්ඩර් කර ගන්න. දැන් මේක කැඳ එක හදන භාජනයටම දා ගන්න. මේ විදිහට බ්ලෙන්ඩර් කරලා දාගත්තාම අපිට වෙනම කලින් හාල් තැම්බෙන්න තියාගන්න ඕනෙ නැහැ. කැඳ එක උයනකොටම හාල් ටිකත් ඉදෙනවා.

ඊළඟට කොහිල අල (200g) ටික සුද්ද කරලා සෝදලා අරගෙන පොඩි කෑලිවලට කපා ගන්න. දැන් මේ කපා ගත්තු කොහිල ටික ගා ගත්තු පොල් කෝප්ප 1ක් සමඟ එකට දාලා ඒකට වතුර ටිකකුත් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩර් කරගත්තු කොහිල ටික පෙරලා ඒකෙ යුෂ ටික වෙන් කරගන්න. මේ විදිහට ආයේ සැරයක් වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් කරගන්න. මේ ඔක්කෝම ඉස්ම ටික කැඳ එක හදන භාජනයට එකතු කරගන්න.  ඊළඟට මේකට තලාගත්තු සුදු ලූනු බික් 2ක්, ගම්මිරිස් ඇට 4-5ක් හා රස අනුව ලුණු එකතු කරලා හැදි ගාමින් මද ගින්දරේ විනාඩි 7-8ක් උයා ගන්න ඕනෙ. කැඳ එක උකු වීගෙන එනකොට ලිපෙන් බා ගන්න. ලිපෙන් බා ගත් පසුවත් විනාඩියක් පමණ හැදි ගා ගන්න.උණු උණුවේම රස බලන්න.

முதலில் 1/4 கப் பச்சரிசியை 4-5 மணி நேரம் தண்ணீரில் ஊறவைக்க வேண்டும்.இந்தக் கஞ்சியை காலையில் செய்வதானால், முதல் நாள் இரவே அரிசியை ஊறவைக்க வேண்டும். மறுநாள் காலையில், அரிசியைக் கழுவி பிளெண்டரில் அரைத்து கொள்ளவும். கஞ்சி தயாரிக்கும் பாத்திரத்தில் இதை வைக்கவும். அரிசியை தனியாக வேகவைக்க வேண்டிய அவசியமில்லை. கஞ்சி வெந்ததும் அரிசியும் வேகும்.

அடுத்து, கொஹில தண்டை (200 கிராம்) சுத்தம் செய்து கழுவி, சிறிய துண்டுகளாக நறுக்கவும். இப்போது இந்த நறுக்கிய கொஹில யுடன் 1 கப் துருவிய தேங்காய், சிறிது தண்ணீர் சேர்த்து நன்கு கலக்கவும். அதன் பிறகு, மிக்ஸியில் அரைத்த கொஹில யை வடிகட்டி அதன் சாற்றை பிழிந்து எடுக்கவும் இந்த வழியில் மீண்டும் சிறிது தண்ணீர் சேர்த்து பிளெண்டர் செய்யவும். கஞ்சி தயாரிக்க இந்த சாறு அனைத்தையும் கிண்ணத்தில் சேர்க்கவும். பின்னர், 2 நசுக்கிய பூண்டு பற்கள், 4-5 மிளகு மற்றும் தேவையான அளவு உப்பு சேர்த்து 7-8 நிமிடங்கள் மிதமான வெப்பத்தில் சமைக்கவும். கஞ்சி கெட்டியானதும், அடுப்பில் இருந்து இறக்கவும். அடுப்பிலிருந்து இறக்கிய பிறகும் ஒரு நிமிடம் கிளறவும்.சூடாக சுவைக்கவும்.

Scroll to Top