කොහිල වඩේ / கொஹில வடை

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කොහිල 100g

  • කෑලි මිරිස් තේ හැදි 2ක්

  • සිහින්ව ලියාගත්තු කරපිංචා

  • අමු මිරිස් කරල් 3ක්

  • කූනිස්සන් 20g

  • පොඩි ලූනු ගෙඩියක්

  • හාල් පිටි මේස හැදි 4ක්

  • බැදීමට පොල් තෙල්

  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය:

කොහිල අල ටික පොත්ත ඉවත් කරලා සෝදලා ඉතා සිහින් කොටු හැඩයට කපා ගන්න. කපා ගත්තු කොහිල ටික ලුණු මිශ්‍ර වතුරට එකතු කරලා විනාඩි 5ක් පමණ තියලා වතුර ටික හොඳින් පෙරලා ඉවත් කරගන්න.

එය භාජනයකට දමා කෑලි, සිහින්ව ලියාගත්තු ලූනු, කරපිංචා, අමු මිරිස්, රස අනුව ලුණු, කෑලි මිරිස් හා යන්තමට බැදින ලද කූනිස්සන් (කැමති නම් උම්බලකඩ වුනත් පාවිච්චි කරන්න පුලුවන්. මෙය අවශ්‍යම නැහැ.) එකතු කරලා හොඳින් කලවම් කර ගන්න.

දැන් එයට හාල් පිටි මේස හැදි 2-3ක් පමණ එකතු කර බෝල සෑදිය හැකි පදමට අනා කරගන්න  කරගන්න. (වඩේ සාදන විට කැඩෙන්න බලනවා නම් තව හාල් පිටි ස්වල්පයක් එකතු කරගන්න)

අතේ පොල්තෙල් ස්වල්පයක් තවරගෙන තුනී, පැතලි හැඩති වඩේ සාදා ගන්න. බැදීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල් භාජනයකට එකතු කරගෙන රත් කරගන්න. තෙල් රත් වූ පසුව හදා ගත්‍තු වඩේ එකතු කර රන්වන් පාට වන තුරු දෙපැත්ත හරවමින් බැදගන්න.

තේ බොන වෙලාවට වගේම කොහිල කන්න අකමැති පොඩිත්තෝ ඉන්න ගෙවල්වල වෙනස් විදිහට මේ කොහිල වඩේ හදලා කෑමට දෙන්න පුලුවන්.

මේ කාලේ වැඩි මිලක් දීලා ගන්න ආනයනික පරිප්පු වෙනුවට දේශීයව හා ලාභදායීව හොයා ගන්න පුළුවන් මේ වගේ දේවල් වලිනුත් ඒ කෑම වර්ග හදන්න පුලුවන්.

தேவையான பொருட்கள்:
  • கொஹில 100 கிராம்

  • நறுக்கிய மிளகாய் 2 தேக்கரண்டி

  • கறிவேப்பிலை நறுக்கியது

  • மிளகாய் 3

  • கூனி இறால் 20 கிராம்

  • வெங்காயம் 1

  • அரிசி மாவு 4 தேக்கரண்டி

  • பொரிப்பதற்கு தேங்காய் எண்ணெய்

  • தேவையான அளவு உப்பு

செய்முறை:

கொஹில தண்டை தோலுரித்து கழுவி, மிக மெல்லிய சதுரங்களாக வெட்டவும். வெட்டிய துண்டுகளை உப்பு நீரில் சேர்த்து சுமார் 5 நிமிடம் ஊற விட்டு, நன்கு வடிகட்டி எடுக்கவும்.

ஒரு பாத்திரத்தில் கொஹில துண்டுகள், பொடியாக நறுக்கிய வெங்காயம், கறிவேப்பிலை, பச்சை மிளகாய், தேவையான அளவு உப்பு, மிளகாய்த் துண்டுகள் மற்றும் லேசாக வறுத்த கூனி இறால் (விரும்பினால் மாசி துண்டுகள் சேர்க்கலாம்) சேர்த்து நன்கு கலக்கவும்.

இப்போது அதனுடன் சுமார் 2-3 தேக்கரண்டி அரிசி மாவு சேர்த்து பிசைந்து உருண்டைகளாக பிசையவும். (வடை செய்யும் போது உடைவது போல் தோன்றினால் மேலும்அரிசி மாவு சிறிது சேர்க்கவும்)

உங்கள் கைகளில் சிறிது தேங்காய் எண்ணெயை தடவி வட்ட தட்டையான வடிவத்தில் உருவாக்கவும். ஒரு கடாயில் தேவையான அளவு எண்ணெய் சேர்த்து சூடாக்கவும். எண்ணெய் சூடானதும் தயார் செய்து வைத்துள்ள வடையை இட்டு இருபுறமும் பொன்னிறமாக வதக்கவும்.

இந்த கொஹில வடையை வித்தியாசமான முறையில் செய்து தேனீர் அருந்தும் வேளையில் கொயிலை சாப்பிட விரும்பாத குழந்தைகளுக்கு கொடுக்கலாம்.

இக்காலத்தில் விலையுயர்ந்த இறக்குமதி செய்யப்படும் பருப்பு வகைகளுக்குப் பதிலாக உள்நாட்டில் மலிவாக கிடைக்கும் பொருட்களைக் கொண்டு சுவையான உணவுகளை செய்யலாம்.

Scroll to Top