ගෝවා කොත්තු / கோவா கொத்து

සාදාගන්නා ආකාරය:

හොඳට කන ගමන් ඇඟේ බර අඩු කර ගන්න කැමති අයට කන්න පුළුවන් අඩු කැලරි ප්‍රමාණයක් තියෙන කොත්තුවක් තමයි මේ ගෝවා කොත්තුව. ගෝවා කියන්නෙ ඉතා අඩු කැලරි ප්‍රමාණයක් තියෙන එළවළුවක්. මේක හදාගන්න ගොඩක් ලේසියී වගේම ඩයට් කරන නොකර ඕන කෙනෙක්ට වුනත් කන්න පුලුවන්.

මේකට පිටි වර්ග මොනවත්ම භාවිතා කරලා නැහැ. අමතරව කැරට් අල භාගයක්, බෝංචි කරල් 4-5ක්, පොඩි ලූණු ගෙඩියක්, තලා ගත්තු ඉගුරු හා සුදු ලූණු, කරපිංචා කොළ කිහිපයක්, මුරුංගා කොළ මිටක්, බිත්තරයක්, අමු මිරිස් කරල් 2ක්, කෑලි මිරිස් තේ හැදි 1ක්, ගම්මිරිස් තේ හැදි 1/2ක්, රස අනුව ලුණු, පොල්තෙල් මේස හැදි 1ක් වගේ තමයි වැය වුනේ මේක හදන්න.

සෝදා ගත්තු ගෝවා ගොඩක්ම ලොකුවටත් නැතිව, හීනියටත් නැතිව සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි පරිදි කපා ගන්න ඕනේ. භාජනයකට දාලා එය වැහෙනකම් උණු වතුර එකතු කර ගත්තා. ලුණු කුඩු ටිකකුත් එකතු කරලා පියනකින් වහලා විනාඩි 10ක් වගේ තැම්බෙන්න තිබ්බා. විනාඩි 10ට පස්සේ ගෝවා වල වතුර ටික පෙරා ගන්න.

පෑන් එකකට තෙල් මේස හැදි 1ක් වගේ දාගෙන තෙල් රත් වෙද්දී එයට තලාගත්තු ඉගුරු සුදු ලූණු එකතු කරලා බැදෙන්න දෙන්න. ඉගුරු සුදු ලූණු වල අමු සුවඳ ඉවත් වුනාම ඒකට කරපිංචා, ළූණු, අමු මිරිස් එකතු කර ගත්තා. ඒවා ටිකක් මැළවීගෙන එද්දී බිත්තරයක් එකතු කර ගත්තා. මෙහි දී තියනවා නම් බිත්තරයක් වෙනුවට මස්, මාළු, බිම්මල් හරි හතු වර්ගයක් වුනත් එකතු කර ගන්න පුළුවනි. බිත්තරය බැඳුනට පස්සේ කපා ගත්තු කැරට් හා බෝංචි එකතු කර ගත්තා. බෝංචි කියන්නෙ ටිකක් මිලෙන් වැඩි එළවළුවක් වුනත් මේ අපේ ගෙවත්තෙන් ලැබුන බෝංචි ඵලදාව නිසා මං මේකට එකතු කරා. කැමති නම් දඹල, මෑ කරල් වගේ වෙන එළවළුවක් වුනත් ආදේශ කර ගන්න පුළුවන්. ටිකකින් මුරුංගා කොළ මිටත් එකතු කර ගෙන හොඳින් කළවම් කර ගත්තා. අන්තිමට තම්බා ගෙන වතුර ඉවත් කරගත්තු ගෝවා ටික එකතු කර ගත්තා. දැන් එයට කෑලි මිරිස් තේ හැදි 1ක්, ගම්මිරිස් තේ හැදි 1/2ක්, රස අනුව ලුණු එකතු කරගෙන හොඳින් කළවම් කර ගත්තා. දැන් මේක පියනකින් වහලා විනාඩි 2-3ක් තැම්බෙන්න තියලා ලිපෙන් බා ගත්තා.

මේ කොත්තුව උණු උණුවෙන්ම කද්දී ගොඩක් රසවත්. කෑම පාලනය කරනවා කියලා නොකා නොබී ඉන්නේ නැතිව බඩ පිරෙන්න රසට කන ගමන් හැඩටත් ඉන්න ඔයාලටත් පුළුවනි.

செய்முறை:

நன்றாக சாப்பிடும் அதே நேரம் உடல் எடையை குறைக்க விரும்புபவர்களுக்கு கோவா  கொத்து  என்பது குறைந்த கலோரி உணவாகும், கோவா  மிகவும் குறைந்த கலோரி காய்கறி. இது தயாரிப்பது மிகவும் எளிதானது மற்றும் டயட் இல்லாமல் யார் வேண்டுமானாலும் சாப்பிடலாம்.

இதற்கு மா வகைகள் எதுவும்  பயன்படுத்தப்படுவதில்லை. மாறாக, அரை கேரட், 4-5 போஞ்சி, ஒரு சின்ன வெங்காயம், நசுக்கிய இஞ்சி மற்றும் பூண்டு, சில கறிவேப்பிலை, ஒரு கைப்பிடி முருங்கை இலை, ஒரு முட்டை, 2 காய்கள் பச்சை மிளகாய், 1 டீஸ்பூன் நறுக்கிய மிளகாய், 1/2 டீஸ்பூன். மிளகு, சுவையைப் பொறுத்து, சுமார் 1 டேபிள் ஸ்பூன் உப்பு மற்றும் தேங்காய் எண்ணெய் இதைச் செய்ய தேவைப்பட்டது.

ஒரு கடாயில் சுமார் 1 டேபிள் ஸ்பூன் எண்ணெயை போட்டு, எண்ணெய் சூடானதும், அதில் நறுக்கிய இஞ்சி மற்றும் பூண்டு சேர்த்து வதக்கவும். இஞ்சி மற்றும் பூண்டு  பச்சை வாசனை போனதும், அதில் கறிவேப்பிலை, வெங்காயம் மற்றும் பச்சை மிளகாய் சேர்க்கப்பட்டது. அவை சிறிது வதங்கியதும், ​​ஒரு முட்டை சேர்க்கப்பட்டது. இங்கு  முட்டைக்கு பதிலாக இறைச்சி, மீன், காளான் சேர்க்கலாம். முட்டை பொரிந்ததும், நறுக்கப்பட்ட கேரட் மற்றும் போஞ்சி  சேர்க்கப்பட்டது. போஞ்சி  கொஞ்சம் விலை உயர்ந்த காய்கறி என்றாலும், எங்கள் தோட்டத்தில் இருந்து போஞ்சி  விளைச்சல் காரணமாக நான் அவற்றை சேர்த்தேன். நீங்கள் விரும்பினால், முருங்கைக்காய், பச்சை பீன்ஸ் போன்ற வேறு எந்த காய்கறிகளையும் சேர்க்கலாம். சிறிது நேரம் கழித்து, நான் ஒரு கைப்பிடி முருங்கை இலைகளை சேர்த்து சமைத்தேன்.

இறுதியாக, வேகவைத்து   வடிகட்டிய கோவா  சேகரிக்கப்பட்டது. இப்போது 1 டீஸ்பூன் சில்லி ஃப்ளேக்ஸ், 1/2 டீஸ்பூன் மிளகுத்தூள் மற்றும் சுவைக்கு ஏற்ப உப்பு சேர்த்து நன்கு கலக்கவும். இப்போது அதை ஒரு மூடியால் மூடி 2-3 நிமிடங்கள் ஆவியில் வேக வைத்து அடுப்பிலிருந்து இறக்கவும்.

இந்தக் கொத்தை  சூடாகச் சாப்பிட்டால் மிகவும் சுவையாக இருக்கும். நீங்கள் உணவைக் கட்டுப்படுத்த விரும்புபவராக இருந்தால் உணவு உண்ணாமல் இருப்பதை விட இந்த கலோரி குறைந்த சுவையான உணவை உண்ணலாம்.

Scroll to Top