බඩ ඉරිඟු බත් / சோளத்துடனான சோறு

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • ළපටි බඩ ඉරිඟු කරල ඇට

  • හාල් කෝප්ප 1ක්

  • තලාගත්තු ඉඟුරු , සුදු  ළූණු

  • කපාගත්තු ළූණු

  • රම්පෙ, කරපිංචා

  • කුරුඳු පොත්තක්

  • එනසාල් ඇට 2ක්

  • තෙල් මේස හැදි 1 1/2 ක්

  • සිහින්ව කපාගත්තු

  • කැරට් ස්වල්පයක්

  • පොල් කිරි කෝප්ප 1ක්

  • වතුර කෝප්ප 1 1/2ක්

  • ලුණු අවශ්‍ය පමණට

සාදාගන්නා ආකාරය:

ළපටි බඩ ඉරිඟු කරලක ඇට වෙන්කර ගන්න. හොඳින් සෝදා ගෙන භාජනයක දමා ඉරිඟු ඇට වැසෙන ප්‍රමාණයට වතුර එකතු කර ඊටම ලුණු ස්වල්පයක් ද එකතු කර හොඳින් තම්බා ගන්න. හදිස්සියේ හදන අයට නම් කලින් දවසෙ රෑ මේ බඩ ඉරිඟු ඇට ටික තම්බලා ශීතකරණයේ තියලා වුනත් උදේට භාවිතයට ගන්න පුළුවනි.

භාජනයක් ලිපේ තියලා ( රයිස් කුකර් එකේ වුනත් පුලුවන්)  ඒකටම තෙල් ස්වල්පයක් එකතු කරන්න. තෙල් රත් වූ පසුව තලාගත් ඉඟුරු, සුදු ළූණු, කුරුඳු පොත්තක්, එනසාල් ඇටයක්, රම්පෙ, කරපිංචා එකතු කර පොඩි වෙලාවක් බැදෙන්න දෙන්න. ඊට පස්සේ කපා ගත්තු ළූණු එකතු කරන්න. ළූණු ටිකක් තෙල් එකේ හොඳට බැඳෙන්න දෙන්න. එය හොදින් බැදුණු පසුව අර කලින් තම්බා ගත්තු බඩඉරිඟු ඇට ටික එකතු කරන්න.

බඩ ඉරිඟු ඇට ටික වේලාවක් බැදෙන්න ඇර එකටම කපා ගත්තු කැරට් එකතු කරගන්න. දැන් ඒකට සෝදා ගත්තු හාල් එකතු කරන්න.ඒකට පොල් කිරි කෝප්පයක් (එහෙමත් නැත්නම් ඔයාලට කෙලින්ම වතුර වුණත් එකතු කරගන්න පුළුවන්) ඊට පස්සේ වතුර කෝප්ප එකහමාරක් එකතු කරගන්න. ලුණු ස්වල්පයක් එකතු කරලා  පියනකින් වහලා හොඳින් බත් එක ඉදෙන්න දෙන්න.

தேவையான பொருட்கள்:
  • தேவையான பொருட்கள்

  • இளம் சோள விதைகள்

  • 1 கப் அரிசி

  • மசித்த  இஞ்சி, பூண்டு

  • நறுக்கிய வெங்காயம்

  • ரம்பை , கறிவேப்பிலை

  • ஒரு பட்டை துண்டு

  • 2 ஏலக்காய் விதைகள்

  • 1 1/2 மேசைக்கரண்டி எண்ணெய்

  • மெல்லியதாக நறுக்கப்பட்ட கேரட்

  • 1 கப் தேங்காய் பால்

  • 1 1/2 கப் தண்ணீர்

  • தேவையான அளவு உப்பு

செய்முறை:

ஒரு இளம் சோளத்தில்  இருந்து விதைகளை  பிரித்தெடுக்கவும்.அவற்றை  நன்றாகக் கழுவி ஒரு பாத்திரத்தில் போட்டு, சோள விதைகள்  மூழ்கும் அளவுக்கு  தண்ணீர் ஊற்றி, சிறிது உப்பும்  சேர்த்து நன்கு கொதிக்கவிடவும். அவசர அவசரமாகச் செய்பவர்களாயின்  இந்த சோள விதைகளை  முந்தைய நாள் இரவே வேகவைத்து குளிர்சாதனப் பெட்டியில் வைத்து காலையில் உபயோகிக்கலாம்.

அடுப்பில் ஒரு பாத்திரத்தை வைத்து (நீங்கள் ரைஸ் குக்கரை கூட பயன்படுத்தலாம்) அதில் சிறிது எண்ணெய் சேர்க்கவும். எண்ணெய் சூடான பிறகு, நறுக்கிய இஞ்சி,பூண்டு , பட்டை, ஏலக்காய்த்தூள், ரம்பை, கறிவேப்பிலை சேர்த்து சிறிது நேரம் வதக்கவும். பின்னர் நறுக்கிய வெங்காயம் சேர்க்கவும்.  எண்ணையில் வெங்காயம் நன்றாக வதங்கியதும், முன்பு வேகவைத்த சோள விதைகளை  சேர்க்கவும்.

சோள விதைகளை  சிறிது நேரம் வதக்கி பின் , நறுக்கிய கேரட்டைச் சேர்க்கவும். இப்போது அதனுடன் கழுவிய அரிசியைச் சேர்த்து, ஒரு கப் தேங்காய்ப் பால் (அல்லது நீங்கள் நேரடியாக தண்ணீர் சேர்க்கலாம்) பின்னர் ஒன்றரை கப் தண்ணீர் சேர்க்கவும். சிறிது உப்பு சேர்த்து ஒரு மூடியால் மூடி அரிசியை நன்றாக வேக விடவும்.

Scroll to Top