කෙසෙල් මිශ්‍ර කුරක්කන් පොල් රොටී / வாழைப்பழம் குரக்கன் ரொட்டி

කුරක්කන් ගුනාත්මක බවින් වැඩි උනත් කුරක්කන් විතරක්ම මිශ්ර වුන පොල් රොටියක් කන්න අපි ටිකක් අදිමදි කරනව. මාත් එහෙමයි .ගෙදර වත්තෙම හැදිල ඉදිල වැඩි උන කෙසෙල් ඇවරිය විසිකරන්න උනොත් අපරාදෙනෙ කියල ඒකත් හොදට පොඩි කරල මේකට එකතු කරන්න හිතුනෙ නාස්තිය අවම කරගන්නත් ඕන නිසා.

කුරක්කන් පිටි වලට පොලුයි රස අනුව ලුනුයි මිශ්ර කලා. හොදට පොඩි කරගත්ත ඇබුල් කෙසෙල් ගෙඩිත් එකතු කලා.

මෙච්චර ගුන දෙයක් කන්න මාගරින් ගාන්න හිතුනෙම නෑ. ඒ නිසා හොදට ඉදුන අලිගැටපේරයක් පොඩි කරල සීනි ටිකක් එකතු කරල ඒ වෙනුවට ගාගත්තා. හදල කාලම බලන්න. හරිම සරලයි. හරිම රසයි.

குறக்கன் மட்டும் கலந்த தேங்காய் ரொட்டியில் தரம் அதிகம் இருந்தாலும் சாப்பிட கொஞ்சம் தயக்கம் காட்டுவதுண்டு. வீட்டுத் தோட்டத்திலேயே பழுத்து வாழைப்பழம் மேலதிகமாக இருந்ததால் அதை வீண் விரையம் செய்யாது இதில் சேர்த்துக்கொண்டேன்.

குரக்கன் மாவுடன் தேங்காய் கலந்து சுவைக்கு ஏற்றவாறு உப்பு சேர்க்கவும். நன்கு பிசைந்த புளி வாழைப்பழமும் சேர்த்து பிசையப்பட்டது.

இவ்வளவு சுவையான உணவில் மாஜரின் சேர்க்க மனம்வரவில்லை, எனவே நன்கு பழுத்த ஆணைக்கொய்ய ஒன்றை நன்றாக பொடி செய்து சீனி ஓரளவு சேர்த்து எடுத்துக்கொண்டேன். செய்து பாருங்கள், மிகவும் இலகு, மிகவும் சுவை.

Scroll to Top