බඩ ඉරිඟු පිට්ටු /  சோளம் பிட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • බඩ ඉරිඟු පිටි කෝප්ප 1 1/2
  • හාල් පිටි කෝප්ප 1/2
  • ගා ගත් පොල් කෝප්ප 3/4
  • වතුර කෝප්ප 3/4
  • රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය:
බඩ ඉරිඟු පිටි වෙළද පොළෙත් මිලට ගන්න තියෙනවා, ඒත් ටිකක් මිල වැඩියි. 500g පැකට් එක රු.200/= වගේ වෙනවා. එහෙම නැත්තම් වියළි බඩ ඉරිඟු ඇට කුඩු කරලා ගෙදරදීම අපිටම වුනත් ඉරිඟු පිටි හදා ගන්නත් පුළුවන්. ටිකක් ප්රමාණයෙන් වැඩිපුර තියනවා නම් මෝලකට දීලා වුනත් කොටා ගන්න පුළුවන්. ඒ විදිහට හදාගත්තු බඩ ඉරිඟු පිටි පහත රූපයෙන් පෙන්නලා තියනවා.
 
බඩ ඉරිඟු පිටි, හාල් පිටි (අවශ්ය නම්, නැතිනම් තනිකරම බඩ ඉරිඟු පිටි යොද ගන්නත් පුළුවන්) ලුණු සහ පොල් සියල්ල භාජනයකට දමා හොඳින් මිශ්ර කරගන්න.
 
එහිදී පිටි තදින් අනන්නේ නැතිව ඇඟිලි තුඩුවලින් සියල්ල හොඳින් මිශ්ර වෙන විදිහට කළවම් කරගන්න. දැන් වතුර ටිකෙන් ටික දමමින් මේ මිශ්රණය කැට කරගන්න ඕන. මෙහිදී අපි ගන්න පොල්වල තිබෙන තෙතමනය අනුව අවශ්ය වන වතුර ප්රමාණය වෙනස් වෙනවා. කැට කරගත් මිශ්රණය පිට්ටු බම්බුවට පුරවලා තම්බා ගන්න. ඉතින් මේ බඩ ඉරිඟු පිටිවලින් හදා ගන්න පිට්ටුත් අපි කන සාමාන්ය පිට්ටු විදිහටම පොල් කිරි එක්ක එහෙමත් නැත්තම් මොනවා හරි හොදි වර්ගයක් එක්ක කන්න පුළුවන්.
 
මේ පිට්ටු මිශ්රණයට මුරුංගා කොළ මිටක් විතර එකකු කරලා තවත් රසවත්ව වගේම පෝෂණ ගුණයද වැඩි කරගන්න පුළුවන්. එසේ නැත්නම් ඕනෑම එළවළුවක් එකතුකරගෙන පෝෂණ පිට්ටු සාදාගන්නත් පුළුවන්.
ප්රධාන ආහාර වේලක් වෙනුවට ආදේශ කරන්න පුළුවන් ආහාරයක් තමයි මේ බඩ ඉරිඟු. ඒකට හේතුව එහි හොඳ කැලරි ප්රමාණයක් සහ විටමින්, ඛනිජ ලවණ ප්රශස්ත මටටමින් තිබීම.
 
බඩ ඉරිඟුවල වැඩි තන්තු ප්රමාණයක් අන්තර්ගත වෙනවා. මේ නිසා එය ආහාර මාර්ගයේ ජීර්ණ ගැටලු වලට හොඳ විසඳුමක්. ඒවගේම මහා අන්ත්රය පිරිසුදු කරන නිසා මහා අන්ත්රයේ පිළිකා සෑදීමේ අවදානමද අඩු කරනවා. එසේම මළ බද්දය වළක්වන්නත් බඩ ඉරිඟුවල මෙම තන්තුමය සවභාවය ආධාර වෙනවා.
එපමණක් නොවෙයි, මෙහි තන්තු වැඩි නිසා සීනි අවශෝෂණය අඩුකර රුධිරගත සීනි මට්ටම සමබරව පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. එනිසා දියවැඩියා රෝගීන්ට වුනත් ආහාරයට එක් කර ගැනීමට පුළුවන්.
 
ඉතිං ඔයාලත් බඩ ඉරිඟු තම්බලාම කන්නේ නැතිව රසවත් පෝෂ්යදායි වෙනස් කෑමක් අත්හදා බලන්න
 
தேவையான பொருட்கள்:
  • 1 1/2 கப் சோள மா
  • 1/2 கப் அரிசி மா
  • 3/4 கப் துருவிய தேங்காய்
  • 3/4 கப் தண்ணீர்
  • தேவைக்கேற்ப உப்பு
செய்முறை:

சோள மாவை சந்தையில் வாங்கலாம், ஆனால் அது சற்று விலை அதிகம். 500 கிராம் பாக்கெட்டின் விலை சுமார் ரூ.200/=. இல்லையெனில்,காயவைத்த சோள விதைகளை  அரைத்து சோள மாவு வீட்டிலேயே செய்யலாம்.உங்களிடம் அதிகளவில்  சோள விதைகள் இருக்குமாயின்  மில்லில் கொடுத்தேனும் அரைத்தெடுக்கலாம்.

ஒரு பாத்திரத்தில் சோள மாவு, அரிசி மாவு (அல்லது சோள மாவு மட்டும் உபயோகிக்கலாம்), உப்பு மற்றும் தேங்காய் துருவல் போட்டு நன்கு கலக்கவும்.

மாவை நன்கு கலக்க உங்கள் விரல் நுனியைப் பயன்படுத்தவும். அதற்கு  சிறிது சிறிதாக தண்ணீர் சேர்த்து இந்தக் கலவையை எப்போதும் செய்யும் பிட்டு வடிவில் உருட்டி எடுத்து கொள்ளுங்கள். . இங்கு, நாம் எடுக்கும் தேங்காய்களில் இருக்கும் ஈரப்பதத்தைப் பொறுத்து தண்ணீர் தேவைப்படும் அளவு மாறுபடும். நாம் சாப்பிடும் வழக்கமான பிட்டு போல் இக்கலவையை வேகவைக்கவும்.

இந்த பிட்டு கலவையில் ஒரு கைப்பிடி முருங்கை இலையைச் சேர்த்தால்  சுவையாக இருக்கும் அத்தோடு  அதன் ஊட்டச்சத்தின் தரம் அதிகரிக்கும். இல்லையெனில், ஏதேனும் காய்கறிகளைச் சேர்த்து ஊட்டச்சத்து பிட்டு செய்யலாம்.

Scroll to Top