හල් පිට්ටු / குங்கிலியம் பிட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • හල් ගෙඩි 3ක්.

  • පොල් ගෙඩි 1ක් (සිහින්ව ගා ගත් )

  • හාල් පිටි 750g

  • ලුණු තේ හැදි 2ක්

  • වතුර මේස හැදි 1 ක්

සාදාගන්නා ආකාරය:

හල් ගෙඩි වල පොත්ත ඉවත් කර ඇතුලත මදය ගන්න .එහි සුඹුල සූරා ඉවත් කර ගන්න .දැන් එම මදය දෙකට කපා එහි ඇතුලත ඇති නාරටිය වැනි කොටස ඉවත් කර ගන්න .දැන් කැබලි එකින් එක කුඩාවට ග්රේට් කර ඉන් පසුව ග්රයින්ඩ් කර හල් පිටි සාදා ගන්න .

දැන් සාදා ගත් හල් පිටි පිරිසිදු රෙදි කඩකට දමා පොට්ටනි කර වතුර බදුනක බහා තියන්න .විනාඩි 12ත් – 15ත් අතර කාලයක් තුල වතුර බේරා නැවත අලුත් වතුර දමා තියන්න .මේ ආකාරයට 7ත් 8වතාවක් වතුර ඉවත් කර පොට්ටනිය පිටින් වතුර බේරා ගන්න .

දැන් වතුර බේරා තිත්ත ඉවත් කර ගත් හල් පිටි බදුනකට දමා ගන්න .එයට හාල් පිටි ,පොල්,ලුණු කුඩු ,දමා කවලම් කර ගන්න .වතුර ස්වල්පයක් බැගින් යොදමින් පිට්ටු ගොල ගැට කරන ආකාරයට කවලම් කර රූපයේ ආකාරයට වණ්ඩුවේ හුමාලයෙන් තම්බා ගන්න.

தேவையான பொருட்கள்:
  • 3 குங்கிலியம் காய்கள்

  • 1 தேங்காய் (பொடியாக துருவியது)

  • 750 கிராம் அரிசி மாவு

  • உப்பு 2 தேக்கரண்டி

  • தண்ணீர் 1 தேக்கரண்டி

செய்முறை:

முதலில் குங்கிலியம் காய்களை இரண்டாக வெட்டி அதன் உள்ளே உள்ள பகுதியை மட்டும் பாவனைக்கு எடுக்கவும். பின்னர் அவற்றை சிறிய துண்டுகளாக வெட்டி பின்னர் கிரைண்ட் செய்து மா செய்து கொள்ளவும்.

இப்போது தயார் செய்த மாவை சுத்தமான துணியில் போட்டு கட்டி ஒரு பாத்திரத்தில் இட்டு தண்ணீர் ஊற்றி 12 முதல் 15 நிமிடம் கழித்து தண்ணீரை வடித்துவிட்டு மீண்டும் புதிய தண்ணீர் இடவும் .இப்படி 7 முதல் 8 வரை தண்ணீர் மாற்றவும். பின்னர் தண்ணீரை நன்கு வடிகட்டவும்.

இப்போது ஈரப்பதம் நீக்கப்பட்ட குங்கிலியம் மாவுடன், அரிசி மாவு, தேங்காய், உப்பு தூள் சேர்த்து கிளறவும், தேவைப்படின் தண்ணீர் சேர்த்து பிட்டு குழலில் அவிக்கவும்.

Scroll to Top