Egg උප්පුමා / Egg உப்புமா

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • රුලං අඩු කෝප්පයක්
  •  කැරට් අලයක්
  • ලීක්ස් කොළ ටිකක් 
  • කතුරුමුරුංගා කොළ ටිකක්
  • වට්ටක්කා ටිකක්
සාදාගන්නා ආකාරය:

මේක යාපනේ ජනතාව අතර ජනප්‍රිය කෑමක්.
මෙහෙදී රුලං භාවිතා කරපු නිසා රුලං ගැන පොඩි විස්තරයකුත් කියන්න හිතුවා. රුලං එහෙම නැත්තම් Semolina ලැබෙන්නෙ තිරිඟු වලින්. රුලං වලින් හම්බෙන පෝෂක සංඝටක මොනවද කියලා බැලුවොත් 72% වගේ ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට. ඒ කියන්නේ අපිට රුලං පිෂ්ඨය බහුල ආහාරයක් විදිහට සලකන්න පුලුවන්. ඊට අමතරව ප්‍රෝටීන සහ කෙදි සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා.

රුලං අඩු කෝප්පයක් පෑන් එකට දාලා ලා රන්වන් පාට එනකන් බැදගෙන පැත්තකින් තිබ්බා.

එළවළු ටික පොඩියට කපා ගත්තා. එළවළු විදිහට කැරට් අලෙකුයි, ලීක්ස් ටිකකුයි, වත්තෙන් කඩා ගත්ත කතුරුමුරුංගා කොළ ටිකකුයි වට්ටක්කා ටිකකුයි තමයි මං ගත්තේ.

පොල් තෙල් (තල තෙල් හෝ එළගි තෙල් භාවිතා කරන්නත් පුලුවන්….එහෙම නම් තවත් රසයි) මේස හැදි එකහමාරක් විතර පෑන් එකට දාලා ඒකට අබ, වියළි මිරිස් කරල් කීපයක්, කරපිංචා කොළ දෙක තුනක් හා ළූණු ටික එකතු කරා. ඒ ටික පාට වෙලා බැදී ගෙන එද්දී පොඩියට කපා ගත්තු එළවළු ටිකයි ඒකට ම කෑලි මිරිස් තේ හැන්දකුයි, කහ කුඩු ටිකකුයි එකතු කරා. ටික වෙලාවක් පියනකින් වහලා මිනිත්තු දෙක තුනක් එළවළු ටික තෙම්පරාදු වෙන්න ඇරියා. ටිකකින් බ්ත්තරයක් එකතු කරලා හොදට කලවං කරලා බැදගත්තා (ද්‍රවිඩ අය හදන උප්පුමා එකට නම් බිත්තර එකතු කරන්නේ නැහැ). ඒකට පොල් කිරි ( කැමති නම් වතුර භාවිතා කරන්නත් පුලුවනි) අඩු කෝප්ප භාගයක් වගේ එකතු කරලා පොල් කිරි උතුරද්දී කලින් බැද ගත්ත රුලං මේකට එකතු කරනවා. හොදට රුලං කලවං කරලා විනාඩි තුනක් වගෙ පියනකින් වහලා තැම්බෙන්න තියලා ලිප නිවා ගත්තා.

தேவையான பொருட்கள்:
  • சூடான பாத்திரத்தில் ஒரு சிறிய கப்

  • ஒரு கேரட்
  • சில லீக்ஸ்
  • சில முருங்கை இலைகள்
  • சிறிதளவு பூசணி
செய்முறை:

இங்கு ரவை பயன்படுத்தப்பட்டதால், ரவை பற்றி ஒரு சிறிய விளக்கம் கொடுக்க நினைத்தேன். ரவை அல்லது Semolina கோதுமையிலிருந்து பெறப்படுகிறது. ரவையில் காணப்படும் சத்துக்களைப் பார்த்தால், சுமார் 72% கார்போஹைட்ரேட்டுகள். அதாவது ரவையை மாச்சத்து நிறைந்த உணவாகக் கருதலாம். மேலும், புரதம் மற்றும் கொழுப்பு குறிப்பிடத்தக்க அளவு உள்ளது.

சூடான பாத்திரத்தில் ஒரு சிறிய கப் ரவையை போட்டு பொன்னிறமாக வறுத்து தனியே வைக்கவும்.

காய்கறிகளை சிறிய துண்டுகளாக நறுக்கவும். காய்கறிகளாக, நான் ஒரு கேரட், சில லீக்ஸ், வீட்டுத் தோட்டத்திலிருந்து சில முருங்கை இலைகள் மற்றும் சிறிதளவு பூசணி சேர்த்தேன்.

பாத்திரத்தில் சுமார் ஒன்றரை டேபிள்ஸ்பூன் தேங்காய் எண்ணெய் (எள்ளு எண்ணெய்  அல்லது நெய் பயன்படுத்தலாம்… சுவையாக இருக்கும்) கடுகு, சிறிது காய்ந்த மிளகாய் இரண்டு அல்லது மூன்று கறிவேப்பிலை மற்றும் வெங்காயம் சேர்க்கவும்.

பொன்னிறமாக வெந்ததும், நறுக்கிய காய்கறிகள் அதனுடன் ஒரு டீஸ்பூன் மிளகாய்த்தூள் (கட்டர் தூள்) மற்றும் சிறிது மஞ்சள் தூள் சேர்க்கப்பட்டது. சிறிது நேரம் மூடியை மூடி, இரண்டு அல்லது மூன்று நிமிடங்களில்  காய்கறிகளைத் திறக்கவும். சிறிது நேரத்தில் முட்டையை சேர்த்த பின் நன்றாக கிளறவும் (தமிழர்கள் உப்புமாவில் முட்டை சேர்க்க மாட்டார்கள்).

சுமார் அரை கப் தேங்காய்ப் பால் சேர்க்கவும் (விரும்பினால் தண்ணீரையும் பயன்படுத்தலாம்) தேங்காய்ப்பால் கொதித்ததும், அதில் முன்பு வறுத்த ரவையை  சேர்க்கவும். 

ரவையை  நன்றாகக் கிளறிய பின் ஒரு மூடியால் மூடி மூன்று நிமிடம் ஆவியில் வேக வைத்து அடுப்பை அணைக்கவும்.

Scroll to Top