Pan roasted තක්කාලි / Pan roasted தக்காளி

එළවළු කන්න පුළුවන් ක්රම ගොඩක් තියෙනවා. අද අපි අරන් ආවෙ තවත් එවැනි ක්රමයක්. මන් මේ රාත්රී කෑමට සකසපු ආහාර වේලක්.

සාමාන්ය non-stick පෑන් එකකට පොල්තෙල් ටිකක් තවරලා තමයි මේ කුකුළු මස් සහා එළවළුත්, තක්කාලිත් රෝස්ට් කරගෙන තියෙන්නෙ.

සියලුම අමුද්රව්ය ලුණු, කහා සහා ගම්මිරිස් චුට්ටක් අතගාලා වෙන වෙනම සීසන් කරගන්න ඕනෙ මුලින්ම. කුකුළු මස්වලට තලාගත්ත සුදු ළූණු සහා විනාකිරි ටිකකුත් දාන්න ඕනෙ. මේවා වෙන වෙනම සීසන් කරන්නෙ වෙන වෙනම රෝස්ට් කරන්න ඕනෙ නිසා. සහා කොහොමත් අමු මස් අනෙකුත් අමුද්රව්ය එක්ක ගැටෙන එක සෞඛ්ය ආරක්ෂිත නෑ.

මුලින්ම මස් ටික රෝස්ට් කරගන්න. කුඩා කැබලිවලට කැපුවොත් වෙලාව අඩුවෙන් යන්නෙ. හොඳින් දෙපැත්තම පිසෙන ලෙස රෝස්ට් කරගන්න ඕනෙ. මෙහිදී රොටි සාදද්දි මෙන් එක පැත්තක් හොඳින් රෝස්ට් වුන පසු අනිත් පැත්තට හරවා ඒ පැත්ත රෝස්ට් කරගත යුතුයි. ඊටපස්සෙ ඒ පෑන් එකේම අනිත් ජාතිත් රෝස්ට් කරගන්න තියෙන්න. මුලින්ම කැරට් සහා මාළු මිරිස් වැනි මාංශල එළවළු රෝස්ට් කරලා ඊටපස්සෙ තක්කාලි.

තක්කාලි අමුවෙන් කනවාට වඩා මෙහෙම තාපයට නිරාවරණය කරලා පිස ගත්තම එහි තියෙන ප්රතිඔක්සිකාරකවල අවශෝෂණ හැකියාව වැඩි වෙනවා. හැබැයි ගොඩක් පිසගත්තොත් තක්කාලිවල බහුලම විටමින් වර්ගය වන විටමින් C යම් ප්රමාණයක් විනාශ වෙනවා. ඒ නිසා මේ වගේ මිනිත්තුවක් දෙකක් පිසින ක්රම තාක්කාලි පිසගන්න වගේම ආහාරයට ගන්නත් සුදුසුම ක්රම විදිහට නිර්දේශිතයි. හැබැයි ගොඩක් කර වුනොත් පිළිකා ජනක හයිඩ්රොකාබන නිපදවෙන නිසා කර කරන්න නරකයි. ඕනෑම කෑමක් කර කිරීම, පිළිස්සීම, ග්රිල් කිරීම හෝ බාබකියු කිරීම නිසා මෙවැනි පිළිකාකාරක නිපදවෙන්න පුළුවන්. ඒ නිසා අපි ආහාර පිසගන්න විදිහ ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෙ.

காய்கறிகளை சாப்பிட பல வழிகள் உள்ளன. இன்று நாம் அத்தகைய மற்றுமொரு முறையைக் கொண்டு வந்துள்ளோம். இது நான் இன்று இரவு வேளைக்காக தயார் செய்த உணவாகும்.

இதில் சிக்கன், காய்கறிகள் மற்றும் தக்காளி ஆகியவை வழக்கமான non-stick பாத்திரத்தில் சிறிது தேங்காய் எண்ணெயை பரப்பி ரோஸ்ட் செய்யப்படுகின்றது .

அனைத்து பொருட்களையும் ஒரு சிட்டிகை உப்பு, மஞ்சள்தூள் மற்றும் மிளகுத்தூள் சேர்த்து தனித்தனியாகப் கலவை சமனாக படுமளவிற்கு தடவிக்கொள்ளவும் . கோழியுடன் சிறிது அரைத்த பூண்டு மற்றும் வினாகிரி சேர்க்கவும். இவை தனித்தனியாக ரோஸ்ட் செய்யப்பட வேண்டும் என்பதால் தனித்தனியாக கலவை பரப்பி எடுக்கப்படுகின்றது . எப்படியிருந்தாலும், சமைக்காத இறைச்சியை மற்ற பொருட்களுடன் கலப்பது ஆரோக்கியமானதல்ல.

முதலில் இறைச்சியை ரோஸ்ட் செய்துகொள்ளவும் . நீங்கள் அதை சிறிய துண்டுகளாக வெட்டினால், அது குறைந்த நேரத்தில் ரோஸ்ட் ஆகிவிடும் . இரண்டு பக்கமும் நன்றாக வேக வைத்துக்கொள்ள வேண்டும். இங்கு ரொட்டி செய்வது போல் ஒரு பக்கம் நன்றாக வெந்த பிறகு மறுபக்கம் திருப்பி அந்த பக்கம் ரோஸ்ட் செய்துகொள்ளவும் . அதன் பிறகு, ஏனைய காய்கறிகளை அதே பாத்திரத்தில் ரோஸ்ட் செய்துகொள்ள வேண்டும். முதலில் கேரட், கறிமிளகாய் போன்ற சதைப்பற்றுள்ள காய்கறிகளை ரோஸ்ட் செய்யவும் , பின்னர் தக்காளியை ரோஸ்ட் செய்யவும்.

Scroll to Top