තේ කුඩුවලින් පොහොර

නිවසේ තේ සාදා අහවරවූ පසු තේ කුඩු කසළ බඳුනට දමනවද?
========================


ප්‍රශ්නය:
භාවිතා කර ඉවත් කරන තේ කුඩු පොහොරක් ලෙස භාවිත කළ හැකිද?


පිළිතුර:
ඔව් පුළුවන්.
ඒවා ඉක්මනින් කොම්පෝස්ට් වෙනවා.


අපිට පාවිච්චි කරපු තේ කුඩු බොන බොන සැරේට දාන එක ප්‍රයෝගී නැති නිසා,පතුලේ සිදුරු සහිත මැටි කාලයකට තේ කුඩු එකතු කරන්න පුළුවන්. වැඩිපුර තියෙන වතුර සිදුරු වලින් එලියට යයි. කළේ වහලා තියා ගන්නත් ඕනේ. එකේදී කිරිත් එක්ක මික්ස් වෙච්ච තේ කුඩු තියෙනවනම් හොදට හෝදලා ගන්න. කළේ සම්පූර්ණයෙන් පිරුනම පසට එකතු කරන්න පුළුවන්. හොඳ පොහොරක් වගේම පසේ තෙතමනය වැඩි කිරීමත් කරනවා.


සටහන : දිලිනි තක්ෂිලා
[ YouPAH Agventure ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]

Scroll to Top