Foodventure Articles

Foodventure Challenges

පිට්ටු Challenge

පිට්ටු කියන්නේ දේශීය පිටි භාවිතා කරමින්, අල වර්ග, ඇට වර්ග, පලා ජාතී සහ එළවළු වුනත් මිශ්ර කර ගනිමින්
එක එක විදිහට, රස රැසකින්, වඩාත් පෝෂ්යදායීව, පිට්ටු බම්බු නැතිව වුනත් හදාගන්න පුළුවන් කෑමක්….
බත් වෙනුවට උදේ හෝ රාත්රී, කෑම වේල සම්පූර්ණ කරගන්න පුළුවන් හොඳ ආදේශනයක්…..
பிட்டு என்பது உள்ளூர் மா வகைகள் மற்றும் கிழங்கு வகைகள், தானியங்கள், கீரைகள் மற்றும் காய்கறிகள் கலந்து தயாரிக்கப்படுகிறது.
பிட்டு குழல் இல்லாவிட்டாலும், பல சுவைகளுடன், அதிக சத்தான, பல விதத்தில் தயாரிக்கக்கூடிய ஒரு அருமையான உணவு தான் பிட்டு. சோருக்குப் பதிலாக, காலை அல்லது இரவு உணவாக எடுக்கலாம்….
 
ඒ වගේ මීට කලින් අපේ #YouPAH_Foodventure එකේ Challenges වලදී feature කරපු විවිධ පිට්ටු රෙසිපි සහ ඒවගේ යොමුවන් පහතින් දක්වලා තියෙනවා….

රොටී Challenge

රොටී කියන්නේ තිරිඟු පිටි භාවිතා නොකර, දේශීය පිටි වර්ග, අල වර්ග, ඇට වර්ග, එළවළු වුනත් යොදාගනිමින් එක එක විදිහට, රස රැසකින්, වඩාත් පෝෂ්‍යදායීව, පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක්…. පොඩි බඩගින්නට වගේම බත් වෙනුවට උදේ හෝ රාත්‍රී, කෑම වේල සම්පූර්ණ කරගන්න පුළුවන් ආදේශනයක්…

ரொட்டி என்பது கோதுமை மாவைப் பயன்படுத்தாமல் உள்ளூர் மா வகைகள், உருளைக்கிழங்கு, தானியங்கள் மற்றும் காய்கறிகளைக் கூட பயன்படுத்தி செய்யக்கூடிய மிகவும் சுவையான, அதிக சத்தான மற்றும் சுலபமாக செய்யக்கூடிய ஒரு உணவு…சிறிதளவு பசி ஏற்படும் போது அல்லது சோறுக்கு பதிலாக பிரதான உணவாகக் கூட உண்ணலாம்.

 
 
මීට පෙර පළ කරන ලද #රොටී_recipe සදහා පහත යොමු වෙත පිවිසෙන්න.
  1. රොටී_recipe#1 – මඤ්ඤොක්කා පොල් රොටී
  2. රොටී_recipe#2 – බතල රොටී
  3. රොටී_recipe#3 – මඤ්ඤොක්කා waffles
  4. රොටී_recipe#4 – හබලපෙති පෝෂණ රොටී
  5. රොටී_recipe#5 – කෙසෙල් මිශ්ර කුරක්කන් පොල් රොටී
  6. රොටී_recipe#6 – කිරි අල පොල් රොටී

Jelly Dessert Challenge

අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ කඩේ තියෙන ජෙලි පැකට් එකක් අරන් උණුවතුරෙන් දියකරලා ශීතකරණයේ තියල අහාරයට ගන්න.
 
විවිධ රසවල් විශාල සංඛ්යාවකින්, ජෙලි වර්ග රාශියක් වෙළෙඳ පොළේ මිලට ගන්න තියෙන බව ඇත්ත. නමුත් මේවාට ඉහළ සීනි ප්රතිශතයකින් සහ කෘත්රීම වර්ණක, රසකාරක අධිකව යොදා තියෙන අධිසැකසුම් ආහාර නිසා (Ultra-processed food) ආහාරයට ගැනීම ශරීර සෞඛ්යයට සුදුසු නැහැ…. ඒ වෙනුවට පළතුරු, එළවළු යුෂ සහ ආහාරයට ගත හැකි වෙනත් භෝග වර්ග යොදාගෙන අපිට ජෙලි හදන්න පුළුවන්.
 
අපි මේ පාර අරන් එන්නෙ කෘතිම රසකාරක සහා වර්ණක නැතුව, පහසුවෙන්, අඩු වියදමකින් ගෙදරදීම අතුරුපසට හදාගන්න පුළුවන් ජෙලි රෙසිපි කිහිපයක්. මේවායෙත් සීනි අඩංගු වෙන නිසා නිතර ආහාරයට ගැනීම සුදුසු නෑ. මේ එන පළතුරු වාරේ, අතිරික්ත ඵලදාව නාස්ති වෙන්න නොදී, මේ විදිහට රසවත් ජෙලි වර්ග අත් හදා බලන්න.
பெரும்பாலும் நாம் கடையில் ஜெலி பாக்கெட்டை வாங்கிவந்து வெந்நீரில் கரைத்து குளிர்சாதன பெட்டியில் வைத்து சாப்பிடுவதை வழக்கமாக கொண்டிருக்கிறோம்.
சந்தையில் பல வகையான ஜெலி வகைகள் கிடைக்கின்றன என்பது உண்மைதான். ஆனால் அதிக அளவு சீனி மற்றும் செயற்கை நிறங்கள் மற்றும் சுவைகள் கொண்ட தீவிர பதப்படுத்தப்பட்ட (Ultra-processed food) உணவுகளை சாப்பிடுவது உடல் ஆரோக்கியத்திற்கு ஏற்றதல்ல.
அதற்கு பதிலாக, பழங்கள், காய்கறி சாறு மற்றும் பிற உண்ணக்கூடிய பயிர்களைப் பயன்படுத்தி ஜெலி செய்யலாம்.
செயற்கை இனிப்பு மற்றும் வண்ணங்கள் இல்லாமல் வீட்டிலேயே எளிதாகவும் மலிவாகவும் செய்யக்கூடிய சில ஜெலி ரெசிபிகளை இம்முறை தருகிறோம். இவற்றிலும் சீனி இருப்பதால், அடிக்கடி சாப்பிடுவது நல்லதல்ல.
வரும் பழங்கள் சீசனில், அதிகப்படியான பழங்களை வீணாக்காமல், சுவையான இந்த ஜெலி வகைகளை செய்து பாருங்கள். மற்றவர்களுடன் பகிர்ந்து கொள்ளுங்கள்.
 
  1. Jelly_Dessert_recipe#1- කොමඩු ජෙලි
  2. Jelly_Dessert_recipe#2 – පේර ජෙලි
  3. #Jelly_Dessert_recipe#3 – පැශන් ජෙලි
  4. Jelly_Dessert_recipe#4 – කාමරංකා ජෙලි
  5. Jelly_Dessert_recipe#5-ඇඹරැල්ල ජෙලි
  6. Jelly_Dessert_recipe#6 – අන්නාසි ඉස්ටූ ජෙලි
  7. Jelly_Dessert_recipe#7 – අඹ ජෙලි
  8. Jelly_Dessert_recipe#8 – අලිගැට පේර milk ජෙලි
  9. Jelly_Dessert_recipe#9 – Fruits Jelly
  10. Jelly_Dessert_recipe#10 – කැරට් ජෙලි
  11. Jelly_Dessert_recipe#11 – බිට් රූට් සහ පිපිඤ්ඤා ජෙලි
  12. Jelly_Dessert_recipe#12- කුරුම්බා වතුර ජෙලි
  13. Jelly_Dessert_recipe#13 – කෝමාරිකා ජෙලි
  14. Jelly_Dessert_recipe#14 – වදමල් ජෙලි
  15. Jelly_Dessert_recipe#15 – රාජ අල ජෙලි
  16. Jelly_Dessert_recipe#15Coffee & Milk Jelly assortment 

Beat The Heat Challenge

අධික උණුසුම් කාලගුණය නිසා ඇතිවෙන මහන්සිය නිවන ශරීරය සිසිල් කරන පාන වර්ග අඩු මහන්සියකින් හා වියදමකින් ගෙදරදීම හදාගන්න විදිය තමයි අපේ #YouPAH_Foodventure 15 වෙනි weekly challenge එක යටතේ ගෙනාවේ…
නැවුම් පළතුරු, එළවළු විතරක් නෙවෙයි ගමේ ගොඩේ ගස් යට වැටිලා නාස්තිවෙලා යන කෑමට සුදුසු ඵල වැල වගේම දේශීයව හමුවෙන වෙනත් ශාකවල දළු, මල් වලිනුත් සාදපු පානයන් අපි #Beat_The_Heat_Challenge එකෙන් ගෙන ආවා.ඒවායේ ස්වභාවික රසය, දෙහි/දොඩම්/නාරම් යුෂ, ඉඟුරු යුෂ, පොල්වතුර වැනි දෑ භාවිතා කරමින් අඩු වැඩි කරමින් පානයන් සැකසීම කරන්න පුළුවන්.
 
வெப்பமான காலநிலையால் ஏற்படும் சோர்வைப் போக்கும் உடலைக் குளிர்விக்கும் பானங்களைத் குறைந்த சிரமம் மற்றும் குறைந்த செலவில் வீட்டில் தயாரிப்பதற்கான வழியை உங்களுக்கு வழங்குவதே எங்களின் #YouPAH_Foodventure 15வது வாராந்திர சவால்.
புதிய பழங்கள், காய்கறிகள் மட்டுமின்றி, கிராமத்தில் உள்ள மரத்தடியில் வீணாகும், உண்பதற்கு ஏற்ற, உள்நாட்டில் கிடைக்கும் மற்ற தாவரங்களின் இலைகள் மற்றும் பூக்களால் செய்யப்பட்ட பானங்களையும் #Beat_The_Heat_Challenge உடன் கொண்டு வந்தோம். பானங்கள் அவற்றின் இயற்கையான சுவை, தேசிக்காய்/ஆரஞ்சு/தோடம்பழச் சாறு, இஞ்சி சாறு, தேங்காய் தண்ணீர் போன்றவற்றை கூட்டி அல்லது குறைத்து தயாரிக்கலாம்.
  1. #Beat_The_Heat_recipe#1 – පළතුරු යුෂ (Fruit juices)
  2. Beat_The_Heat_recipe#2 – එළවළු යුෂ (Vegetable Juices)
  3. Beat_The_Heat_recipe#3 – Smoothies
  4. Beat_The_Heat_recipe#4 – සියඹලා drink සහා කිරළ drink
  5. Beat_The_Heat_recipe#5 – Flavoured water
  6. Beat_The_Heat_recipe#6 – Iced Tea
  7. Beat_The_Heat_recipe#7 – මිල්ක්ෂේක් සහ ලැසී
  8. Beat_The_Heat_recipe#8 – Sorbets/Ice cubes/Ice packets/ Popsicles/Ice cream

Hot Drinks Challenge

මේ වැසි සමයේ අපේ ජීවිතේට උණුසුම ළඟාකර අපට ප්‍රබෝධමත්ව කාලය ගත කීරීමට උදව් වෙන උණුසුම් පානයන් ගැන තමයි #Hot_Dinks_Challenge එක යටතේ අපේ #YouPAH_Foodventure 14 වෙනි weekly challenge කරේ.
ජලයෙන් පසු ලොව ජනප්‍රියම පාන වර්ගය වන්නෙ තේ. බ්‍රිතාන්‍ය ජාතිකයින් හඳුන්වා දුන් තේ ශාකයේ දළුවලින් සාදන තේ දැන් වඩාත් අප අතර ජනප්‍රිය වුනාට, දේශීයව හමුවෙන වෙනත් ශාකවල දළු, මල්, පොතු සහා මුල්වලින් සාදපු විවිධ තේ වර්ග අපේ සාම්ප්‍රදායික ආහාර රටාවේ දැකගන්න පුළුවන් වුනා.
තේ වලට පසු ලෝකේ ජනප්‍රියම උණුසුම් පානයන්වන කෝපි සහා කොකෝවා භාවිතා කර සාදන පාන වර්ග රාශියක්ද ලොව පුරා ජනප්‍රියව පවතිනවා. මේවා බොහෝවිට මිල අධික වෙන්නෙ මේවා සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය බොහොමයක් ආනයනික වන නිසා. එහෙත් මේ බොහෝ පානයන් හෝ ඒවායේ අනුවර්තන, දේශීය අමුද්‍රව්‍ය භාවිතා කර නිවසේදීම සාදාගන්න පුළුවන්… ඊට අමතරව උණුසුම් පාන වර්ග ලෙස සුප් වර්ග සහ කැඳ වර්ග වැනි විකල්ප ද තෝරාගන්න පුළුවන්.

இந்த மழைக்காலத்தி ல் நம் வாழ்வில் அரவணைப்பைக் கொண்டு வந்து புத்துணர்ச்சியுடன் நேரத்தை செலவிட உதவும் சூடான பானங்களைப் பற்றி #Hot_Dinks_Challenge இன் கீழ் எங்களின் #YouPAH_Foodventure 14வது weekly challenge இல் பார்த்தோம்.
தண்ணீருக்குப் பிறகு, தேநீர் உலகில் மிகவும் பிரபலமான பானமாகும். ஆங்கிலேயர்களால் அறிமுகப்படுத்தப்பட்ட தேயிலை செடியின் இலைகளால் தயாரிக்கப்படும் தேயிலை இப்போது நம்மிடையே பிரபலமாக இருந்தாலும், நமது பாரம்பரிய உணவில் உள்ளூரில் காணப்படும் இலைகள், பூக்கள், பட்டை மற்றும் பிற தாவரங்களின் வேர்களில் இருந்து பல்வேறு வகையான தேநீர்களை நாம் காணலாம்.
தேநீருக்குப் பிறகு, உலகில் மிகவும் பிரபலமான சூடான பானங்கள் காபி மற்றும் கோகோ.இவற்றைப் பயன்படுத்தி தயாரிக்கப்படும் பல வகையான பானங்களும் உலகம் முழுவதும் பிரபலமாக உள்ளன. இவை பெரும்பாலும் விலை உயர்ந்தவை, ஏனெனில் அவற்றைத் தயாரிக்கப் பயன்படுத்தப்படும் பெரும்பாலான பொருட்கள் இறக்குமதி செய்யப்பட்டவை. ஆனால் இந்த பானங்களில் பல, அல்லது அவற்றின் தழுவல்களை, உள்ளூர் பொருட்களைப் பயன்படுத்தி வீட்டிலேயே தயாரிக்கலாம்.. கூடுதலாக, சூப்கள் மற்றும் கஞ்சி போன்றவற்றையும் சூடான பானங்களாக நீங்கள் தேர்வு செய்யலாம்.
  1. Hot_Drinks_recipe#1 – මින්ට් තේ
  2. Hot_Drinks_recipe# 2 – බීට් රූට්, ලෙමන් සහා ඉඟුරු තේ
  3. Hot_Drinks_recipe# – සේර තේ
  4. Hot_Drinks_recipe#4 – වදමල් තේ (Hibiscus Tea )
  5. Hot_Drinks_recipe#5 – Hot Mocha
  6. Hot_Drinks_recipe#6 – Hot Chocolate
  7. Hot_Drinks_recipe#7 – බතල, බීට්රූට්, එළවළු සුප්
  8. Hot_Drinks_recipe#8 – කිරි අල සුප්
  9. Hot_Drinks_recipe#9 – කොල්ලු කැඳ
  10. Hot_Drinks_recipe#10 – හබලපෙති කැඳ

අවුරුදු Challenge

අලුත් අවුරුදු කාලෙට කෑම මේසය රස ගන්වන්න යාලුවන්ට, නෑදෑයන්ට සංග්‍රහ කරන්න, නෑගම් පිඟන්, කැවිලි පෙට්ටි හුවමාරු කරගන්න හදන්න පුළුවන් විවිධ කෑම වර්ග ගැන තමයි #අවුරුදු_Challenge එක යටතේ අපේ #YouPAH_Foodventure 13 වෙනි weekly challenge කරේ.
ආර්ථික අර්බුදයකදි උනත්, අවම වියදමකින්, අලුත් විදියට, සංග්‍රහ කරන්න, හිතවත්කම් අලුත් කරගන්න හදන්න පුළුවන් කෑම වර්ග කීපයක්ම අපි මේ challenge එක හරහා පෙන්වා දුන්නා.

புத்தாண்டின் போது சாப்பாட்டு மேசையை சுவையூட்டவும், நண்பர்கள் மற்றும் உறவினர்களை மகிழ்விக்கவும், உணவுகள் மற்றும் இனிப்பு பார்சல்கள் பரிமாறவும் பல்வேறு வகையான உணவுகளை செய்வதே.#புதுவருட_challenge , இதுவே எங்களின் #YouPAH_Foodventure 13வது வாராந்திர சவால்.
இந்த சவாலின் மூலம், பொருளாதார நெருக்கடியிலும் கூட, மகிழ்விக்கவும், நட்பைப் புதுப்பிக்கவும், புதிய முறையில் தயாரிக்கக்கூடிய பல வகையான உணவு வகைகளை நாங்கள் காண்பித்தோம்.

  1. අවුරුදු_recipe#1 – අවුරුදු කෑම මේසෙට වෙජිටේරියන් සීනි සම්බෝලයක්
  2. අවුරුදු_recipe#2 – Stir-fried කංකුන්
  3. අවුරුදු_recipe#3 – කොස් ඇට ටොෆී
  4. අවුරුදු_recipe#4 – අලු කෙසෙල් මෝජූ
  5. අවුරුදු_recipe#5 – කොලුකට්ට/මෝදකම්
  6. අවුරුදු_recipe#6 – කුරක්කන් අග්ගලා
  7. අවුරුදු_recipe#7 – වට්ටක්කා කුරක්කන් කප් කේක්

වට්ටක්කා challenge

වට්ටක්කා බොහෝ දෙනා අතර ජනප්රිය, දෛනික ආහාර වේලේ අනිවාර්යයෙන් අඩංගු විය යුතු කහ පාට එළවළු ගොන්නේ ලාභදායී විකල්පයකි…
වට්ටක්කා විටමින් A අධිකව අඩංගු වෙනවා වගේම විටමින් C, E, රයිබෝෆ්ලේවින්, පොටෑසියම්,කොපර්, යකඩ, මැන්ගනීස් යන ඛනිජ ලවණත්, තන්තුත් බහුලව ඇති ආහාරයකි. පෝෂණ ගුණයෙන් ඉහළ වීමත්, අඩු වියදමකින් වගාකරහැකි වීමත්, සෑහෙන කාලයක් ගබඩාකරගත හැකිවීමත් නිසා, රටට වාසිදායක කෘෂිකාර්මික භෝගයකි.
වට්ටක්කා ඵල මෙන්ම දලුද, මල්ද, අපගේ දේශීය ආහාර රටාවට ආධුනික නැත. ඊට අමතරව පෝෂණ ගුණයෙන් අනුන බීජද, අත්යාවශ්ය මේද අම්ල සපුරාගැනීමට ලාභ විකල්පයකි..
හුරුපුරුදු ව්යාංජන ලෙස මෙන්ම, අඩු පිරිවැයකින් විවිධ ආකාරයේ වෙනත් ආහාරද සාදා ගත හැකිය.
සදහා පහත යොමු වෙත පිවිසෙන්න.
  1. වට්ටක්කා_recipe 1 – වට්ටක්කා ජෑම්
  2. වට්ටක්කා_recipe 2 – වට්ටක්කා drink
  3. වට්ටක්කා_recipe 3 – වට්ටක්කා පිට්ටු
  4. වට්ටක්කා_recipe 4 – වට්ටක්කා ඇටවලින් රසවත් කෙටි ආහාර
  5. වට්ටක්කා_recipe 5 – වට්ටක්කා දළු තෙම්පරාදුව
  6. වට්ටක්කා_recipe 6 – වට්ටක්කා milk shake
  7. වට්ටක්කා_recipe 7 – වට්ටක්කා ෆ්රයිඩ් රයිස්
  8. වට්ටක්කා_recipe 8 – වට්ටක්කා රොටී
  9. වට්ටක්කා_recipe 9 – වට්ටක්කා fries
  10. වට්ටක්කා_recipe 10 – ජැමෙයිකානු චිකන් වට්ටක්කා සුප්
  11. වට්ටක්කා_recipe 11 – Crunchy වට්ටක්කා salad
  12. වට්ටක්කා_recipe 12 – Pumpkin Dessert
 

කොහිල challenge

කොහිල වෙළෙඳ පොළේ මිලෙන් අඩු පෝෂණීය වගේම වසර පුරාම පහසුවෙන් හා සාර්ථකව වගා කරන්න පුළුවන් භෝගයක්.
පත්ර, දඬු සහා අල යන ශාකයේ ඕනෑම කොටසක් ආහාරයට ගත හැකි, තන්තු බහුල, පෝෂණ ගුණය ඇති ආහාරයක්.
දේශීය සහා ආයුර්වේද වෛද්ය ක්රමයන්හී ඖෂධ ලෙස භාවිතා වන, විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලට ගුණදායක ලෙස හඳුනාගෙන ඇති භෝගයක්.
ක්රමයෙන් අපෙන් ඈත්ව යන පෝෂණීය ආහාර ගැන නැවත දැනුවත් වෙන්න…
අලුත් විදිහට හිතන්න… අලුත් ආහාර වර්ග අත් හදා බලන්න
 
 
  1. කොහිල_recipe 1 – කොහිල වඩේ
  2. කොහිල_recipe 2 – රස ගුණ පිරුණු කොහිල සොසේජස්
  3. කොහිල_recipe 3 – කොහිල fingers
  4. කොහිල_recipe 4 – කොහිල කැඳ
  5. කොහිල_recipe 5 – කොහිල ඩෙවල්
  6. කොහිල_recipe 6 – කොහිල සම්බෝල
  7. කොහිල_recipe#7 – කොහිල බැදුම/ බයිට්ස්

ගෝවා challenge

මේ දිනවල ලාභදායීව පහසුවෙන් වෙළෙඳ පොළෙන් සපයා ගත හැකි ගෝවා අපේ රටේ ඕනෑම පළාතක පහසුවෙන් වගා කරන්න පුළුවන් භෝගයක්..
ලෝකය පුරාම විවිධ වර්ණ, ප්රමාණ හා ප්රභේද වලින් පවතින ගෝවා කැලරි ඉතාම අඩු ආහාරයක් නිසා බර අඩුකරගන්න උත්සාහ කරන අයට කදිම විකල්පයක්.
මැංගනීස්, කැල්සියම්, මැග්නීසියම්,පොටෑසියම් යන ඛනිජ ලවණ වර්ගත්, විටමින් A,C,E,K හා B6 සහ ආහාරමය තන්තුද යහමින් අන්තර්ගතයි.
ගෝවා වලින් අඩු පිරිවැයකින් විවිධ වූ පෝෂණීය ආහාර සාදා ගන්න පුළුවන් විදිහ #ගෝවා_challenge එකෙන් අපි ඔබත් එක්ක බෙදා ගත්තේ..ඉතින් අලුතින් හිතුවොත් ඔබටත් තවත් නිර්මාණාත්මක දේවල් මේ ලැයිස්තුවට එක් කරගන්න පුළුවන්..💚
තවත් රස ගුණ පිරුණු challenge එකකින් ලගඳීම ආයෙත් හමුවෙමු 🤗
 
 
 

බතල challenge

බතල කියන්නේ අපේ රටේ හොඳින් වැවෙන වැල් වර්ගයක්. අල වගේම කොළත් විවිධ භාවිතයන් සඳහා යොදා ගන්නවා.
රසවත් බව හා ගුණවත් බව එකට කැටි වුන බතලවල ආහාරමය තන්තු බහුලයි
ප්රතිඔක්සිකාරක, පොටෑසියම්, තයිමින්, විටමින් සී, ඒ හා බී බහුල ප්රභවයක්.ඒ වගේම අර්තාපල් වලට සමාන කැලරි ප්රමාණයක් අඩංගු නිසා දේශීය වෙළෙඳ පොලෙන් ලබා ගත හැකි ලාභදායී ආදේශනයක්.
මේ දවස්වල සුලභව ලාභදායීව වෙළෙඳ පොළේ හමුවෙන බතල යොදා ගනිමින් අඩු පිරිවැයකින්, විවිධ වූ පෝෂණීය ආහාර වර්ග සාදා ගන්න විදිහ අපි #YouPAH_Foodventure #බතල_challenge එකෙන් කතා කලා.
 
  1. බතල recipe 1 – බතල පෝෂණමය රොටී
  2. බතල recipe 2 – බතල මිනි පෑන්කේක්
  3. බතල recipe 3 – බතල වණ්ඩු ආප්ප
  4. බතල recipe 4 – බතල කුරක්කන් මග් කේක් 
  5. බතල recipe 5 – ක්‍රිස්පි බතල චිප්ස්/ බතල බයිට්ස්
  6. බතල recipe 6 – කොහිල සහා කෙසෙල්මුව සමඟින් බතල කට්ලට්
  7. බතල recipe 7 – බතල puree
  8. බතල recipe 8 – බතල කොළ තෙම්පරාදුව / Tempered Sweet Potato Leaves
  9. බතල recipe 9 – බතල කරි
  10. බතල recipe 10 – බතල බෝල
 

Platter it up Challenge

නත්තල් කාලේ, උත්සව කාලේ, යාලුවෝ නෑදෑයො හමු වෙද්දි, තේ සාදයකට පිලිගන්වන්න, පික්නික් එකකට අරන් යන්න පුලුවන් food platters ගැන තමයි අපේ #YouPAH_Foodventure 8 වෙනි weekly challenge එක කරේ.
 
ආර්ථික අර්බුදයකදි උනත්, වියදම අඩුම කරගෙන, පෝෂණයත් රැක ගෙන අලුත් විදියකට, යාලුවො, නෑදෑයො එක්ක සෙට් වෙන්න පුලුවන් හොදම විදි කීපයක්ම අපි මේ challenge එක හරහා පෙන්වා දුන්නා. අපි හැමෝටම තවත් ඕන තරම් විදි try කරන්නත් පුලුවන්.
  1. #Platter_1
  2. #Platter_2
  3. #Platter_3
  4. #Platter_4
  5. #Platter_5
  6. #Platter_6
  7. #Platter_7

බඩ ඉරිඟු Challenge

#බඩ_ඉරිඟු_recipe#1
බඩ ඉරිඟු ඔම්ලට්

#බඩ_ඉරිඟු_recipe#2
රසවත් පෝෂණදායී බඩ ඉරිඟු පිට්ටු හදමු

#බඩ_ඉරිඟු_recipe#3
බඩ ඉරිඟු පිටි රොටී

#බඩ_ඉරිඟු_recipe#4
බඩ ඉරිඟු කිරිබත්

#බඩ_ඉරිඟු_recipe#5
තේ බොන වෙලාවට කන්න ඉරිඟු පිටි අග්ගලා හදමු

#බඩ_ඉරිඟු_recipe#6
රසම රස බඩ ඉරිඟු වඩේ

#බඩ_ඉරිඟු_recipe#7
පෝෂණ ගුණයෙන් සපිරි බඩ ඉරිඟු කැඳ

#බඩ_ඉරිඟු_recipe#8
Sweetcorn Salad

#බඩ_ඉරිඟු_recipe#9
බඩ ඉරිඟු ව්‍යාංජනය

School Lunch Box Challenge

දරුවො කියන්නෙ අපේ රටේ අනාගතය.
නිසි පෝෂණය එයාලගෙ වර්ධනය මෙන්ම සංවර්ධනයටත් අත්යාවශ්යම කාරණයක් සහා වැඩිහිටි අපේ වගකීමක්.
මේ අමාරු කාලෙ මාසෙ ආදායම පිරිමහගෙන දරුවන්ගේ පෝෂණ අවශ්යතා සැපිරීමට වදවෙන තරුණ වෘත්තීය දෙමව්පියන්ට අත්වැලක් වෙන්න, ලෝක ළමා දිනයෙන් ආරම්භ වෙන මේ මාසෙ අපේ #YouPAH_Foodventure challenge එක යොදාගන්න අපි හිතුවා.
අවම වියදමකින්, පෝෂණ අවශ්යතා සැපිරෙන, දරුවන්ට කන්න ආස හිතෙන, සමබල පාසැල්/පෙර පාසල් ආහාර වේලක් සකස්කරගන්න අලුත් අලුත් විදි ගැන දැනගන්න අපිත් එක්ක එකතුවෙන්න෴

Lets no waste challenge

ආහාර නාස්තිය අවම කරන විදි රාශියයි.
 
ඉතුරුවෙන බත් වේලලා අග්ගලා වගේ කෑම රාශියක් හදන්න පුළුවන්.
කොස්වාරෙදි නාස්ති වෙලා යන කොස් ඇටවලින් හදන්න පුළුවන් රස කෑම වර්ග ගොඩයි.
 
ආහාර පිසීමේදී විසිකරන සමහර පොතු, ලෙලි විසි කරන්න ඕනෙ නෑ. ඒවත් විවිධ ආහාර සකස් කරන්න භාවිතා කරන්න පුළුවන්.
ෆ්රිජ් එකේ ඉතුරුවෙන, ගෙවත්තේ අඩුවෙන් හම්බෙන එළවළුවලින් කළවම් වෑංජන හදලා නාස්තිය වළක්වන්න පුළුවන්.
 
ආහාර වේලලා කල්තියාගන්න එක ඉස්සර ඉඳන්ම කරපු එකක්. අව්ව කාලෙට ලේසියෙන්ම කරගන්නත් පුළුවන්. ජෑම්, චට්නි, අච්චාරු වගේම අයිස්ක්රීම්, පොප්සිකල්, සිරප්, කෝඩියල් කියන්නෙත් අස්වැන්න වැඩි කාල වලදි නාස්තිය වළක්වන රස විදි.
ආහාර කැබලි නැවත වවන්න.
 
ඒවාට පොහොරත් ඉවත දාන ආහාර කොටස්වලින්ම හදාගන්න. පෝෂණය රැකගන්න ගමන්. නිවසේ ආහාර සඳහා යන වියදම ඉතිරි කරගන්න.
Let's No Waste Challenge

Mixed Salad Challenge

ආහාරයට ගැනීමට සියලුම එළවලු පිසීම අත්යවශ්ය නොවේ.
බොහෝ එළවලු mixed salads ලෙස ද ආහාරයට ගත හැකියි.
 
Mixed Salads අපගේ ආහාර වේලේ විවිධත්වය පහසුවෙන්ම වැඩි කරයි.
කාලය සහ බලශක්තිය ඉතිරි කරයි.
 
එළවලු වල පෝෂණ ගුණය ඒ අයුරින්ම ආරක්ෂා කරයි.
බත් සහ තවත් ප්රෝටීන ප්රභවයක් සමග ආහාරයට ගැනීමෙන් සමබල ආහාර වේලක් ලබා ගත හැකිය.

රන්කුරහන් challenge

කුරක්කන් කියන්නෙ අහිතකර පාරිසරික තත්වවලත් වගාකළ හැකි, පළිබෝධ සහා වෙනත් අනතුරුවලටත් හොඳ ප්රතිරෝධයක් තියෙන ශක්තිමත් දේශීය ධාන්ය භෝගයක්…
 
#රන්කුරහන්_challenge එක යටතෙ කුරක්කන්වලින් අලුත් අලුත් කෑම අත් හදා බලන එක අපි හැමෝටම පෝෂණය විනෝදය සහා රස පිරුණු adventure එකක් වුනා… මේ සියලුම ආහාරවර්ගවල recipes අපේ Facebook පිටුවෙන් ලබාගැනීමට පුළුවන්…
 
මීට පෙර පළ කරන ලද #රන්_කුරහන්_recipe සදහා පහත යොමු වෙත පිවිසෙන්න.
 
kurahan

Onepot Meal Challenge

Scroll to Top